(සිරාජ් හසීම්)
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද (15) නියෝග කලේය.
1996 වසරේ ජූලි 19 වැනි දින යාපනය නාවක්කුලි ප්‍රදේශයේදී යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත් දෙමළ තරුණයින් 24 දෙනෙකු අතුරුදහන් වූ බව කියන සිද්ධියේ නඩු විභාගය අද (15) මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැණිනි.
මෙම 24 දෙනා අතරින් 12 දෙනෙකුගේ අතුරුදහන් වීම් පිළිබඳ ගොනුකර තිබූ පෙත්සමේ නඩුව යාපනය මහාධිකරණයේදී පසුගිය 9 වැනිදා සිට විභාගයට ගැණුනේ නීතිපතිවරයා නම්කල විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය.
2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනුකල මෙම පෙත්සමේ මූලික විභාගය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කර අවසන් කිරීමෙන් පසු පසුගිය සතියේ සිට මහාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.
මෙම නඩුව සඳහා නීතිපතිවරයා විත්තිකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර එම නඩුවේ වැඩිදුර විභාගය සඳහා හමුදාපතිවරයා හට නොතීසි නිකුත් කර ඇත.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 18 වැනිදාට කල්දැමූ විනිසුරුවරයා මෙදිනට හමුදාපතිවරයා අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි නියෝග කලහ.
මෙම නඩුව ලබන ජනවාරි 28 වැනිදා යලි කැදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාපති අධිකරණය හමුවට පමුණුවනවා සේම හමුදා කඳවුරු ඉඳිරිපිට කලහකාරී ලෙස හැසිරෙන කලහකාරීන්ද අධිකරණය හමුවට පමුණුවන්න.
යාපනේ උන් විතරයි අතුරුදහන්. එතකොට දකුණේ අතුරුදහන් වූ දහස් ගණන් හමුදාවේ කොල්ලො ගැන කෝ කතාවක්?
ඔබට සතුටුයිද දැන්.............
1996 ජනවාරි අග මහ බැංකුවට බෝම්බ තියලා සිවිල් වැසියෝ සිය ගනණක් මරාදැමුවා ඒකට සම්බන්ධ උනුත් දැන්නිදහස් කරලා නැත්නම් නිදහස්කරන්න ඉල්ලලා ආණ්ඩුව ඉතා කරුණාවෙන් ඒගැන සළකනවා, මුන්කොටි බවට දෙකක් නෑ යුද්දය නිසා හමුදාවෙනුත් මැරුනා කොටිත් මැරුනා ඊට වඩා දෙයක්නෑ, ආනාගතයේදී මෙවෙනි උත්සාහ නොදැරීම හැමට යභපත් වේ
පහුගිය දවස්වල ඉලංචේලියන් මහත්තයට නූල් බැඳපු, හොඳ කියපු අයට දැන්නම් එතුමා ටිකක් විතර අප්සට් වෙයි වගේ..
විනිසුරුතුමා හරිම ආදර්ශමත්. එතුමා වැනි අය අපේ අධිකරණ පද්ධතියට අවශ්‍යයි.
ඒකාබද්ධ විපක්ෂයේ ඊළඟ රැස්වීමට පංකාදු මාතෘකාවක්. සරත් ෆොන්සේකා මහතා හිරේට දැම්මට අරයා දැන් මෙහෙම කියයි. " අපේ හාමුදුරුවනේ දැන් අපේ යුද හමුදාපතිවත් හිරේ දාන්න යන්නේ ත්‍රස්තවාදය අවසන් කලාට" මගෙන් පලිගත්තට කමක් නැහැ. නමුත් රණවිරුවන්ව පාවා දෙන්න එපා"
මේ පින්ගුත්තරයින් නිසා තමයි අද රණවිරුවන්ට මෙවැනි දේට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපුරු නිවට සංහිඳියාව තමයි.