(ඉන්දිකා රාමනායක)
යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති දින 24 ක පොදු සමාකාලය මෙම 22 දින දක්වා තවදුරටත් දීර්ඝ කළ බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
ඉකුත් ඔක්තෝබර් 23 දින සිට හෙට (15) වැනි දා දක්වා මෙම පොදු සමාකාලය කි‍්‍රයාත්මක කර තිබුණි.
කි‍්‍රයාත්මක කර ඇති පොදු සමාකාලය තුළදී අද (14) වනවිට හමුදාව හැරගොස් සිටි සාමාජිකයන් 8052 ක් නැවත බාර වු බවද හමුදා ප්‍රකාශවරයා පැවසීය.
මෙම පිරිස අතර යුද හමුදා නිලධාරීන් 10 දෙනෙක් ද, කෙඩෙට් නිලධාරීන් 8 දෙනෙක් ද සිටින බව හමුදාව කියයි.
බාර වු මෙම පිරිසෙන් බොහෝ පිරිසක් හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් ව ඇති බවත් සෙසු පිරිස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවද හමුදාව වැඩිදුරටත් පවසයි.
මෙම සියලූ දෙනාගේ නීත්‍යානුකූල අස්වීමේ කටයුතු සිදුකරමින් පවතින බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
යුද හමුදාවේ 68 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර තිබුණි.
මෙම පොදු සමාකාලය උපරිම ප්‍රයෝජනයට ගෙන හමුදා සේවය හැරගොස් සිටින සියලූ දෙනා හමුදාවට බාර වී හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වන ලෙසට හමුදාව ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු සමාවක් යටතේ කඳවුරට ගිහින් රාජකාරි කරන්න පුළුවන්ද?
සෙබළ අංකය ඇවිත් එහෙන් එක් දිනක්වත් මූලික ආධුනික පාඨමාලාව කළ නැති කට්ටිය නීත්‍යානුකූලව අයින් වෙන්නේ කොහොමද?
සර් නාවික හමුදාවේ basic cause එක කරලා ඉවත් වුනා කියලා බලපෑමක් තියෙනවාද
2022සිට කවදා දක්වාද?
ඉවත් වීම සදහා කල යුත්තේ කුමක්ද?
විදෙස්ගතව සිටින කෙනෙක්ට සිය රටට නොපැමිණ මේ සඳහා ඉල්ලුම් කිරීමට හැකිද?
මට අයින් වෙන්න ඕනෑ...