ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකාවට කාල දිගුවක් ලබා දෙන්නේ නම් එම විමර්ශනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ අධීක්ෂණයක්ද අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ඉදිරි මානව හිමිකම් සැසිවාරයේදී යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සදහා කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමට සූදානමින් සිටින බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේය.
අවසන් යුද සමයේදී සිදුවූ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් වලට වගවීමෙන් රජය මිදීමට උත්සාහ දරන බවත් ජිනීවා නිර්දේශවලට පටහැනිව යමින් රජය විසින් කරනු ලබන මෙම ක්‍රියා දෙමළ ජනතාව අතරේ දැඩි විවේචනයට හා අප්‍රසාදයට පත්ව තිබෙන බවත් විපක්ෂනායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ටීඑන්ඒ එකටත් විමර්ශනයක් තියන්න ඕනෑ (නි)
ඔය පැත්තට තියන තේසවලාමේ නීතිය අවලංගු කරලා මුළු රටටම එක නීතියක් ඇතුළත් කරමු. එයයි විසඳුම. එවිට හැම ජාතියකම කෙනෙකුට ලංකාවේ ඕනෑ පළාතක ඉඩමක් අරන් ජීවත්වෙන්න පුළුවන් (නි)
දැන් එතකොට රජයේ පාර්ශවයෙන් විතරද යුධ අපරාධ වෙලා තියෙන්නේ. කොටි සංවිධානය ඒ කාලේ සාමාන්‍ය සිවිල් ජනතාව සහ භික්ෂුන් වහන්සේලා අමු අමුවේ මරපු සහ බිලියන ගණනක් වටිනා රජයේ දේපල විනාශ කරපු කාරණා වලට වගකියන්නේ කවුද. ඇයි ඒ ගැන කතා නොකරන්නේ. ඒ මැරුනේ දමිළ ජාතිකයන් නොවන නිසා නුඹලට ගානක් නැද්ද. මානව හිමිකම් අදාළ වෙන්නේ දමිළ ජාතිකයන්ට විතරද??? (නි)
වෙන මුකුත් එපාද ? කොහොමත් ඕගොල්ලෝ බලන්නේ කඩාගන්නනේ.... (ර)
කව්රු හරි මෙයාලව තමිල් නඩුවට යවනවද කරුණාකරලා! (ර)
දැන් තමයි මෙයාලත් මේවා ගැන කතාකරන්න පටන් අරන් තියෙන්නේ (නි)
එතකොට අහිංසක මිනිස්සු මැරුවේ ගම්වලට පැනලා (බ)
ඔය යුධ අපරාද කියනකොට මහත්තයෝ අර කොටි කොළඹ බස් වල කෝච්චි වල බෝම්බ තියල මරපු මිනිස්සුන්ගේ ඓතිවාසිකම් ගැනත් කතාකරන්න , (අ)
දැන් ඇමෙරිකාවේ හිලරි පැරදිලා ට්‍රම්ප් දිනුව නිසා අලුත් සහ පරණ ත්‍රස්තවාදින්ට කිසිම සහයක් ජිනීවා වලදී අමෙරිකාවෙන් ලැබෙන්නේ නැහැ. යුරෝපයේ සරණාගත ප්රශ්නය උත්සන්න වෙලා නිසා මේගොල්ලන්ට සහය දක්වන නඩයට යන එන මං නැතිවෙලා. තමිල්නාඩුවේ දේශපාලකයෝ එක එක කුලල්කාගැනීම් නිසා ඉන්දීය මහා ආණ්ඩුවට බලපෑම් කිරීම තාවකාලිකව නතරවී ඇත. දැන් අපි ඩයස්පෝරාවට තානාපති මට්ටමෙන් හොඳ ප්‍රහාරයක් එල්ල කරන්න ඕනෑ අවස්ථාව. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ රජයට මේ සම්බන්ධව විදිහිමත් සැළසුමක් නොමැතිකමය. (නි)
ඔවු ඉතින් ජතිවාදය රටින් තුරන් කරලා දැම්මොත් ඔයගොල්ලන්ට දේශපාලන පැවැත්මක් නැහැනේ. කමක් නැහැ. මොකක්හරි බහුබූතයක් පටන් ගන්න (නි)
අවරුදු 30ක් රට වටේ බෝම්බ පිපිරෙනකොට එතකොට ඔයාලගේ කටේ පිට්ටුද? (ර)
නුඹලා කිරිපොවල හදපු කොටි ගම්මාන පිටින් මරද්දී නිදාගෙනද හිටියේ? ඉල්ලන හැම දෙයක්ම දෙන්න යහපාලන ආණ්ඩුව සැදී පැහැදී සිටින බවද මතක් කරමි. (නි)
අපිට දෙමළ ජනයාගේ ප්‍රසාදයක් උවමනා නැත. (නි)