(ලක්මි කුඩලිගම)

වරකාගොඩ දීයකඩුව මාර්ගයේ සිදු වූ  යතුරු පැදි අනතුරකින් තරුණයකු මියගොස් ඇතැයි වරකාගොඩ පොලිසිය කියයි. 

තරුණයා පැදවූ යතුරු පැදිය  දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

මෙසේ මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ආයතනයක සේවය කරන දීයකඩුව, නියගොඩවැව පදිංචිව සිටි  නිර්මාන් තාරක කුමාර විජේසිංහ නැමැති (24) හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි,

මෙම තරුණයා පින්කම් ගෙදරකට සහභාගී වී  තම යතුරු පැදියෙන්  නිවසට ගමන් කරමින් සිටියදී යතුරු පැදිය මාර්⁣ගයෙන් ඉවතට පැන අසල තිබූ දුර කථන කණුවක ගැටි අනතුර සිදුව තිබේ.