
(යොහාන් භාසුර)
විදේශයක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ දැනුම්දීම්ලට අනුව යතුරුපැදියෙන් ගොස් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ අඹුසැමි යුවළක් කහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය.
යුක්ති මෙහෙයුම්වලට සමගාමීව කළ මෙහෙයුම්වලදී කහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 30 හැවිරිදි සැකකරු හෙරෝයින් ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බවත් විදේශ රටක සිට ජාවාරම්කරුවෙක් ‘වට්ස්ඇප්’ හරහා දැනුම්දෙන ස්ථානවල හෙරොයින් පැකට් තැබීම එම යුවළ ඉටුකර ඇති බවත් පොලිසිය කීය.
දැනුම්දෙන ස්ථානවල සූක්‍ෂම ලෙස මත්ද්‍රවය පැකට් තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කර ඇති බවත් සැකකරුගේ බිරිදගේ නමින් මීරිගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක පවත්වාගෙන යන ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රුපියල් 15,000 බැගින් බැර කර ඇති අතර සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd