(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අලිමංකඩ, කට්ටුවාන්කොට්ටි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනකු මියගොස් ඇතැයි කිලිනොච්චි පොලීසිය පවසයි.
යතුරුපැදි දෙකක් ඊයේ(18) රාත්‍රී 11 ට පමණ අධික වේගයකින් පැමිණ එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදි දෙකෙහි ගමන් ගත් කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පාපැදිකරුවන් දෙදෙනා මියගොස් තිබේ.
මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි කට්ටුවාන්කොට්ටි ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු සහ 36 හැවිරිදි කරවට්ටි ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරුපැදිකරුවන් පසුව පාපැදිකරුවන් වෙලාද?