(රෝවන් පෙරේරා පුත්තලම)
වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් වැන් රථයේ රියදුරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.
පාලවීය ප්‍රදේශයේ සිට කල්පිටිය ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ වැන් රථයක් සහා කරඹ සිට පාලවිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති පුත්තලම පොලිසිය කියයි.
අද (21) පෙරවරු 8.30 පමන මෙම අනතුර සිදුවී ඇති අතර වැන් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් භාවය නිසා සිදුවූ අනතුරක් බව පොලීසීය කියයි. මියගිය යතුරු පැදිකරු වයස අවුරුදු විසිහයක් පමනවූ අක්බර් ජාබිර් නැමති උලුක්කාපල්ලම ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් අනතුර සිදුවීමත් සමග වැන් රථයේ රියදුරු පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.
වෑන් රථයේ රියදුරු පුත්තලම මූලික රෝහලේ හතේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග කියයි මියගිය අයගේ දේහය පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට පලා ගියේ.. නැත්නම්..
දිනකට යතුරුපැදි අනතුරුවලින් කිහිපදෙනෙකුම මැරෙනවා. පාරේ ගමන් කරන කොට පේනවා යතුරුපැදි කරුවන්... විශේෂයෙන්ම තරුණ පිරිස ඉතාම අපරීක්ෂාකාරීව ගමන් කරන බව...
ලංකාවේ පාරවල්වල මෝටර් සයිකල් පදිනවා කියන්නේ මාරක ලිඳේ බයික් පදිනවටත් වඩා අනතුරුදායක වැඩක්. කොහොමටත් අවුරුදු 25 ට අඩු කොල්ලෝ බයික් පදින්නේ මාරක ලිඳේ පදිනවටත් වඩා භයානක වෙට්ටු දාගෙන.