(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය මහා රෝහලට හදිසි අනතුරු ඒකකයක් ඉදිකිරිමට අත්තිවාරම් කපද්දි හමු වු යටත් විජිත යුගයට අයත් බවට සැලකෙන කාලතුවක්කුව ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයට රැගෙන එනු ලැබිය.
මෙම කාල තුවක්කුව යටත් විජිත සමයේ හමුවු සෙසු කාල තුවක්කු වලට වඩා වෙනස් වන්නේ එහි පිටුපස කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කර සේවා නුලට ගිණි දැල්විම සදහා සිදුරක් තබා තිබිම බව සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසිය.
මෙතෙක් හමු වු කාල තුවක්කු වල පිටුපස ආවරණයක් නැති හා ඒවා ගැලවී ගිය මෙන්ම ආවරණයේ කොටස් පමණක් තිබු ඒවා බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය.
ටොන් අටක් බර අඩි 11ක් දිග මෙම කාල තුවක්කුව ක්‍රිස්තු වර්ෂ 1700 සියවසේ මෙම ස්ථානයේ සවිකර තිබු එකක් බවත් එය පිහිටි පොලවට බවත් පසුව කාලයාගේ ඇවෑමෙන් පස් තට්ටු වලින් වැසි ගොස් තිබු චීනචට්ටි නැමැති ලෝහයෙන් නිර්මිත කාල තුවක්කුවක් බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය.
නාවික හමුදාවේ නැගෙනහිර විධානයට අයත් නිලධාරින්ගේ භට පිරිස් වල සහයෙන් රැගෙන ආ මෙම කාලතුවක්කුව නාවික සමුද්‍රිය කෞතුකාගාරයේ එලිමහනේ රදවන දෙකක් මත සවිකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශයේ නිලධාරින් යොදවා ශුද්ධ පවිත්‍ර කර මහජන ප්‍රදර්ශනයට තබන බව සහකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේකට කාල තුවක්කුව කියල කියන්නෙ?
මෙය ඉතාමත්ම වටිනා කෞතුක වස්තුවක් බව මාගේ අදහසයි. ලෝක ජනමාධ්‍ය කටයුතු වලදීත්, විචාර කටයුතු වලදීත් මෙවන් දේ ලොව දියුණු රටවල් අලංකාර ලෙස සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු මා නොයෙක්වර දැක තිබෙනවා. මෙවායින් අපේ වීර මුතුන් මිත්තන් කොපමණ ප්‍රමාණයක් අන්ත අසරණ ලෙස මිය යන්නට ඇතිදැයි කියා සිතෙනාවිට මහා දුකක් සිතට දැනුණා.
ලොව තවත් රටවලත් මේ වැනි පැරණි කෞතුක බාන්ඩ අලංකාර ලෙස සංරක්ෂණය කොට ප්‍රදර්ශනයට තබා තියෙනවා. මෙයත් එවැනි එකක් වගෙයි පෙනෙන්නේ. කොහොම උනත් මේකෙන් පිටවුණ වෙඩි වලින් අපේ මුතුන් මිත්තන් කොතෙක් මියයන්නට ඇත්දයි සිතෙනවිට දුකේ බැහැ.
යටත් විජිත යුගයේ වෙන්න බැහැ. මේක රාවණාගේ යුගයේ එකක් වගෙයි මට නම් පෙනෙන්නේ. හොඳට හෝදිසි කරලා බලන්න. තුවක්කු කඳේ අකුරු මොනවවත් කොටලා තියනවද කියල. `මේඩ් ඉන් රාවණා` කියල තියෙන්න බැරි නැහැ!