රුපියල් කෝටි පහක් වටිනා කිලෝ 10 ක් බරැති රත්තරන් බිස්කට් තොගයක් යට ඇඳුමේ සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 31 හැවිරිදි බවත් ඇය වෘත්තියෙන් ගණකාධිකාරීවරියක් ද වන බවයි. ඇය සතියකට තුන් හතර වතාවක් ඩුබායි හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව විමර්ශණ වලින් හෙළිවී ඇති බවත් ඔහු කීවේය.
මීට දින හතරකට පමණ පෙර ඩුබායි වෙත ගොස් ඇති සැකකාරිය ෆල්යි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන් යානයෙන් අද අළුයම 01.10ට පමණ කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට අසු වී තිබේ.
රේගුව පවසන්නේ දීර්ඝ කාලයක සිට රන් ජාවාරම පිළිබඳ කරන ලද විමර්ශණවල ප්‍රථිඵලයක් ලෙස මෙම වැටලීම සිදු කළ බවයි.
මෙම රන් බිස්කට් පාර්සල් දෙකකට සකස්කොට ඇයගේ ශරීරයේ රහස් ප්‍රදේශයේ සඟවාගෙන එය නොවැටෙන ලෙස ඊට උඩින් යට ඇඳුම් පහක් ඇඳ තිබු බව රේගුව කියයි. එක් පාර්සලයක රන් බිස්කට් 18 ක්ද, අනෙකෙහි 82 ක් ද තිබු බව රේගුව කියයි.
එම එක් රන් බිස්කටයක බර ග්‍රෑම් 100 කි.
රේගුව විසින් එකී තරුණියගෙන් ප්‍රශ්න කරද්දී ඇය පවසා ඇත්තේ ඩුබායි හිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ලබා දුන් මෙම රන් බිස්කට් රුපියල් පන්දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙරටට ගෙන ආ බවයි.
කෙසේ වෙතත් රේගුව පවසන්නේ එය රේගු අත් අඩංගුවට පත් වන ඕනෑම පුද්ගලයෙකුගේ සුපුරුදු පිළිතුරක් බවයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ප්‍රියන්ත සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන දර්ශණ ශිල්වා, නිමල් තිලක, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, එම්.අයි උදය ගාමිණී, පී.එච්.යු.අයි විජේපාල සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමංජිත් සහ සහකාර රේගු අධිකාරීවරියන් වන නිලුක්ෂි පතිරණ, එරන්දිකා හබරාදුව යන නිලධාරීහු සිදු කරති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එක් පාර්සලයක රන් බිස්කට් 18 ක්ද, අනෙකෙහි 82 ක් ද තිබු බව රේගුව කියයි.එම එක් රන් බිස්කටයක බර ග්‍රෑම් 100 කි. "(ම)
ගිනස් පොතට නම යවන්න...අපට පින්තුරයකුත් පෙන්වන්න ගෙනාපු හැටි... (ස)
චාරුගේ කතාවේ කේන්තිය වගේම විහිලුවකුත් තිබෙනවා. (නි)
අයියෝ! මොනතරම් නම් ලැජ්ජාවක්ද? (නි)
යට ඇඳුම් ටිකත් රාජසන්තක කළාද? (නි)
කාන්තාවන්ට තමයි දැන් මුල්තැන. අදත් සූරයෝ හෙටත් සුරයෝ! කට්ටිය ගියා මෙයා අහුවුණා
දැන් හැමෝම රත්තරන් හොයන්න යයි (ම)
තිලක් ඩුබායි කියන්නේ නියම පිස්සෙක්. මේකට අදාළ දේවල් නෙමෙයි ලියන්නේ. පහුගිය ආණ්ඩුවේ මනස්ගාත විතරයි. තියෙන්නේ ශ්‍රීලනිප අජීර්ණයක් වගේ. ගියා නම් ඩුබායි වලටම වෙලා ඔටුවෙක් බලාගෙන ඉන්නවා මෙහෙ තියන වැඩ වලට ඔලුව දාන්නේ නැතුව. (නි)
කොච්චර හොඳයිද යට ඇඳුම් 5ක් ඇඳපු එක? අද රටේ වැඩියෙන් මඟතොට ගැවසෙන ඇතැම් තරුණියන් අඳින්න අමතක වෙලාද හිතෙන විදියටනේ උඩ ඇඳුම් අඳින්නේ. ඒ අතින් මේ බවලතිය කොච්චර ශීලාචරද? (නි)
මේ තරම් පහුගිය ආණ්ඩුවේ දුෂණ වංචා ගැන දන්නා ඒවා වෙනකොට බලාගෙන හිටපු ඒ කියන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ඉඳිද්දී තවත් මොකද කරන්නේ? වහාම විශේෂ ගුවන් යානයක් යවලා ඩුබායි තිලක්ව ලංකාවට ගෙන්නලා මේ තරම් දන්නා මේ මනුස්සයාගෙන් ගත හැකි ප්‍රයෝජනය ගන්න. (නි)
අනේ ලොකු දෙයක් අල්ලගත්ත එක නම්. (නි)
යටි ඇඳුම් එකක් ගළවද්දී තව තව මතුවෙනකොට එතන ඉන්න අයට හිනා යන්නත් ඇති (නි)
මේ පරීක්ෂා කිරීම් කරලාම මේ නිලධාරීන්ට දැන් එපාවෙලා ඇති (නි)
සමන්ති, ඔයා නම් ලොකු අමාරුවත වැටෙයි ඔය කවිය කියන්න ගිහින් (නි)
රේගු නිලධාරීන් දොළොස් දෙනෙක්ම පරීක්ෂා කරලා තියෙන්නේ...! (නි)
රහස් පෙදෙසේ මෙච්චර තොගයක් හංග ගත්තේ කොහොමද.(ම)
හාරන කොට රන් මතුවෙයි (ම)
රේගු නිලධාරීන්ගේ කල්ල මරේ. හිනාව බලන්නකෝ. (බ)
ඉසුරන්දි ඕවා නිකමට අත් හදා බලන්නවත් හොඳ වැඩ නෙවෙයි ඔන්න (බ)
අප්පොච්චියේ! (බ)
එහෙනම් නිකම් ජය ලලිතා ආන්ටි වගේ ඉන්න ඇති. ඉස්සරහ යාපනේ පස්ස මාතර වගේ තිබෙන කොට සැක හිතෙන්න නැතුවය (බ)
ඉසුරන්දි, උත්සාහයක් කරලා බැලුවොත් බැරිවෙන එකක් නැහැ. (බ)
ඔය ගණකාධිකාරී සහතික සුදුසුකම් ටිකත් පරික්ෂා කළා නම් නරකද? සමහරවිට ඔය නිතර යාම්ඊම් වලට සැක නොහිතෙන විදියට මේක රාජකාරි ගමනක් විදියට පෙන්වන්න පුළුවන් නේද? බොහොම දියුණු ගණකාධිකාරීන් ඔය විදියට නිතර ආයතනය සම්බන්ධ කටයුතු වලට පිටරට යනවා එනවා. මේ කාරණාව මේකට උපයෝගී කරගත්තද දන්නේ නැහැ. මොකද එතකොට වෘත්තීය ගමන් බිමන් යන උදවිය ගැන රේගුවේ නිලධාරීන් සැකහිතන එක ටිකක් අඩු නිසා. (නි)
සතියකට තුන් හතර පාරක් ඩුබායි යනවා කියන එකෙත් සැකයක් තියෙනවා. මොකද මෙයා ගණකාධිකාරිවරියක්. (නි)
ඇය මොනවා නැතත් සෞඛාරක්ෂිතව එම කාර්යය කිරීමට සිතා තිබෙන බව පෙනෙනවා (නි)
රේගුවේ සිටින දක්ෂ නිලධාරීන්ට අපේ ආචාරය! (නි)
ලංකාවට රත්තරන් ගෙනාවට නෙමෙයි ලංකාවෙන් රත්‍රන් ටොන් ගණනින් පිට කරන ඒවා අල්ලන්න (බ)
ඇත්ත තමා! රත්තරන් ටිකක් ගෙනාවට ඔහොම පියවර ගත්තා නම් රත්තරන් පිටකරනකොට කොහොම පියවර ගතයුතුව තිබුනද? හරි හරි ඒවා පිටකළේ යට ඇඳුමේ හංගලා නොවෙයිනේ, කන්ටේනර් වල දාලනේ. ඒ නිසා ඒවා අල්ලන්න බැරිවෙන්න ඇති. (නි)
ඉසුරන්දි, හැමෝම එක මිම්මෙන් මනින්න බැහැනේ නේද? (නි)
අනේ මේ ඇත්තිගේ මුහුණත් ටිකක් දාන්නකෝ අපිටත් බලන්න (නි)
මොන විභහග පාස් කළත් පංසිල් පද කඩන කොට ඔහොම වෙනවා. (බ)
තිලක් මොනවද කියවන්නේ? (නි)
අම්මෝ බලනකොට රන් අම්මණ්ඩි ලා වැහි වැහැල!. (ම)
මේවා නිකම් දෙන්නේ නැහැ. මුදල් දීලයි ගේන්න ඇත්තේ. ඒ ගැනත් හෙව්වා නම් හොඳයි නේද? ගමන් බලපත්‍ර කීයක් තියෙනවද? හැදින්වීමේ කාඩ් කීයක්ද? උප්පැන්න සහතික කීයද කියලා හොයලා බැලුවොත් හොඳයි. ඩුබායි වලින් පරික්ෂා කරන්නේ නැද්ද? පරණ කවියක් තියෙනවා අග පදය "ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන" (නි)
කොහොමද මේක දැනගෙන තිබෙන්නේ ? ගුවන් යානයේදී මෙයාව අත ගාපු කෙනෙක් ඔත්තුව දුන්නා වද්ද ? (ම)
රංග මෝඩ කතා කියන්න එපා. අතගාන්න ඕන නැහැ ඒවාට යන්ත්‍ර තියෙනවා.ඔය නිකම් ගොඩේ වගේනේ කතා කරන්නේ.එක රන් අම්මන්ඩියෙකුට විතරක් යන්ත්‍ර සූත්‍ර මුකුත් අදාල නැහැ. (බ)
අපේ රටේ රත්තරන් හොරෙන් පිටට විකුනණ අයත් අල්ලනවානම් හොදයි. (බ)
ලංකාවේ "රන් අම්මන්ඩි"විරුදාවලිය ලත් තැනැත්තිය තවත් (ම)
මෙයට තිබිල තියෙන්න රහස් පොලිසියක්.(ම)
ලංකාවේ මහ බන්ධාගාරයේ රත්‍රන් කිලෝ දහස් ගණනින් පිට කලා.කෝ ඇල්ලුවද?(ම)
ඔය අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න.එත් කොහෙද? (ම)
රත්තරන් ටොන් ගණනින් විකුනම් කාපුව දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි.(ම)
ඇත්තටම පසුගිය අවරුදු 10 තුල ඔය අල්ල ගත්තු රත්තරන් කන්දරාවට සහ ජනවාරි 8 වෙනිදට පස්සේ අල්ල ගන්න රත්තරන් වලට මොකද වෙන්නේ? (ම)
මොහාන් ඔයාට මෙතැන විහිළුවක් වත් තේරුම් ගන්න බැහැනේ . (ම)
රේගු නිලධාරීන් හිනහ වෙවී හිටියට ඔය රත්තරන් ගඳ ඇති නේද? (ස)
මිට අවරුදු 3කත කලින් රත්තරන් කිලෝ 45ක් විකුනන්න යද්දී හසුකර ගත්තු පොලිස් නිළධාරිය ඇතුලේ. විකුනන්න සියලු කටයුතු සිද්ද කල "මහා මොළකාරිය" එළියේ. පුදුම රටක්. (ස)
"පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය ආයතන පහක් පසුගිය ආණ්‌ඩුව සමයේ රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකුවලින් රුපියල් කෝටි එක්‌ලක්‍ෂ අනූඅටදහස් හත්සිය හැටදෙකක ණය ලබාගෙන ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය".අපේ රටේ දුප්පත් කම තුරන් කරන්න කියලද?ඔය ණය ගෙවන්නේ අපි සහ අපේ අනාගත දරු පරම්පරාවයි. දැන්වත් හිතපල්ලා මිනිසුනේ. (ස)
"මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටි පන්දහස් එකසිය හැට අටක් ද ලංකා බැංකුවෙන් රුපියල් කෝටි දෙදහස් හයසිය හතරක්, මහජන බැංකුවෙන් රුපියල් කෝටි එක්‌දහස් අටසිය අනූහතක් කොමර්ෂල් බැංකුවෙන් රුපියල් කෝටි හාරසිය අසූවක්‌ද, හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් කෝටි එක්‌දහස් තුන්සිය හැටදෙකක්‌ද, ජාතික සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි හාරසිය හැත්තෑවක් ද, ඩී. එෆ්. සී. සී. බැංකුවෙන් රුපියල් කෝටි එකසිය තුනක් ද ණය ලෙස ලබාගෙන මෙතෙක් ගෙවා නැත"........හරියට රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ "කජු ඇට කොස් ඇට වගේ"..... (ස)
ඔන්න බලන්න අන්තිමේ මේ බවලතා උසාවි නියෝගයක් අරන් නිදහස් වේවි. යට ඇඳුම් නිෂ්පාදකයව දුටු තැන අල්ලනු කියල වරෙන්තුවක් නිකුත් වේවි. (ස)
රහස් ප්‍රදේශය වැරදි වැඩ වලට පාවිච්චි කරන එක මොන තරම් නරකද (ම)
අන්තිමේ රහස් ප්‍රදේශය පරික්ෂා කිරීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් හිරේ යයිද දන්නේ නෑ. ඉස්සර කාලේනම් එහෙමයි. අර පොලිස් නිලධාරියට වුණේ. (ම)
සුමිත් දෙන ඔය තැන වල රහස් නැ (ම)
හෙරොයින් රහස් පෙදෙසට වඩා අගනා රත්තරන් රහස් පෙදෙසක් ...(ම)
මෙයාගේ පාස්පෝට් එකේ වයස එහෙම හරියට තියනවාද ? 31 කිව්වාට 51 ද දන්නේ නැහැ.(ම)
නඩුව අහල ඉවර වෙන කොට නඩු භාණ්ඩ වන රත්රන් අතුරුදහන්ව යට ඇඳුම් ටික විතරක් ඉතිරි වෙලා තියේවිද දන්නේ නැහැ (බ)
මෙම තරුණියට තිබිලා තියෙන්නේ වටිනා රහස් ප්‍රදේශයක් (බ)
අප්පේ හිනාව බලන්ඩකෝ වයසක ඔෆිසර්ලගේ. (ස)
මම ඉස්සර වැඩ කලේ කොළඹ කොටුවේ. චැතම් විදියේ වැඩට යන අපිව ආරක්ෂක කපොලු තුනකින් පරික්ෂා කළා. පොලිස් සහ හමුදාවේ නිලධාරියන් විනීතව රාජකාරිය කළා. ඒත් ජනාධිපති ආරක්ෂක සේවාවේ නිලධාරිනියන් හැමදාම එතනින් උදේ හවසවැඩට යන එන අපිව පරීක්ෂා කලේ හරියට මෙන්න මේ රේගුවෙන් පරීක්ෂා කළා වගේ තමයි. ඒගොල්ලන් හිතන් හිටියේ රහස් ප්‍රදේශ කාන්තාවන්ගේ ඇඟ හැමතැනම තියනව කියලා. (ම)
අන්තිමේ ඕවයින් මේවයින් සිද්ධ වෙන්නේ පිටරට යන උදවියට එක යට ඇඳුමකට වැඩිය සන්තකව තියාගන්න බැහැ කියලා නීතියක් වැටෙන එක. . (ම)
ලසිත්.ඔබගේ කතාව 100% සත්‍යයි.අල්ල ගත්තු සිමෙන්ති කොට්ට කිලෝ 270 ක කුඩු වලට වුනෙත් ඒකමනේ.(ම)
එහෙමතමයි හල්ලෝ මුස්ලිම් තරුණියෝ හරිම ශීලාචාර විදිහටි අඳින්නේ, (ම)
මිනිස්සු ජිවත් වෙන්න කරන දේවල්. ඩුබායි රන් ලාබ නිසා ගෙනල්ල ලංකාවේ විකුණා ගත් විට සුළු ලාබයක් ගත හැකියි. මහා අපරාධයක් නොවෙයි. (ත)