
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ සියයට 40 කොටස් ඇමරිකාවේ සමාගමකට පවරාදීමට එරෙහිව සහ එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා , නිව් ෆොට්රස් සමාගම , නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට පවරා දීමට රජය ගත් පියවර තුලින් තමාගේත් , රට වැසියන් ගේත් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම පෙත්සම් විභාගය අසා නිමවන තුරු එම සමාගමට යුගදනවි බලාගාරයේ කොටස් පවරා දීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද කාදිනල්තුමා හා ඇල්ලේ ගුණවංශ හිමියෝ සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම දේශප්‍රේමීන්...
එතකොට මේ විශාල ව්‍යාපෘතියට මුදල් යොදා මේක දියත්කරන්නේ 1. ලංකාවේ පෞද්ගලික සහ රජයේ ආයෝජකයින්ගෙන්ද? 2. එහෙම කරන්න මුදල් තියෙන උන්නැහේලා ජාතික ප්‍රතිපත්ති නැති ව්‍යවස්ථා නොමැති සහ රජය සමග මුදල් යොදා අවදානමක් සහිතව ව්‍යාපෘතිවලට සම්බන්ධ වෙයිද?මොකද ඊළඟට එන උන්නැහේලා මේක නවත්තන්න පුළුවන්, අපි තමයි හොඳටම කරන්න යන්නේ කියලා... 3. 51% ප්‍රතිශතයට පිටරට ආයෝජකයින්ට අවස්ථාව දීමෙන් තමන්ට දරන්නට පුළුවන් වත්කමෙන් ලාභ කොටස රටක් හැටියට තමන්ට ලැබෙනවා නම්, නැති සහ ලැබෙන්න යුතු නැති දේවල් ඉල්ලලා ලතවන්නේ සහ වැළලෙන්නට යන්නේ මන්ද? 4. එසේ නොමැතිනම්, අනේ අපේ රටේ සම්පත් කියා කියා එදෙස තවත් අවුරුදු 50 පොළව යටට හෝ උඩ තියාගෙන ආඩම්බරෙන් බල බලා ඉමුද? අම්මපා මෙහෙම චරිත...
එතකොට 2008-2009 කාලේ සාම්පුර් වල ඉන්දිකරන්න ගිය විදුලි බලාගාරයටත් අකුල් හෙලලා නැවැත්තුවේ.?
විරුද්ධ වෙන්න, වැඩ නවත්වන්න ඕන තරම් අය ඉන්නවා.
අර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මේ පෙත්සමට එරෙහිව උපවාස කරයිද දන්නෑ...?
රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් උසාවි යන ඔබවහන්සේලා දෙපළට මගේ ප්‍රණාමය පළකරමි.
ඔවැනි කටයුතු සියල්ලම නවත්වනවා කියලනේ බලය ගත්තේ? විශාලම ගැටලුව තියෙන්නේ වෙන අයෙක් කරන විට වැරදියි. අපි කරන කොට හරියි කියන්නේ කොහොමද ? ලක්ෂ 69ක් රැවට්ටුවා