තමා ළඟ තුබූ රුපියල් තුන් ලක්ෂ හැට පන්දහසක් නැති වී යැයි ඉඳුරුව පොලිසියට පැමිණිලි කළ යුක්රේන යුවළ ළඟම තිබී එම මුදල් සොයාගත් බව කොස්ගොඩ පොලිසිය කියයි. ඉඳුරුව අතුරුවැල්ලේ හෝටලයේ දී තම මුදල් නැති වූ බවත් ඔවුන් පොලිසියට කීය. පොලිසිය පැමිණිලිකරුවන් ගැන සැක පහළ කෙළේය. ඒ අනුව මුදල් සොයා ගැණිනි. හෝටලයේ කීර්ති නාමය රැකදීම ගැන හෝටල් හිමියා කොස්ගොඩ පොලිසියට ස්තූතිය පළ කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම දේවල් හරියට වෙනවා. (නි)
සල්ලි කොළ නිසා ගිලින්න බැරිවෙන්න ඇති. (නි)
මමත් දන්නවා ඔහොම දේවල් ගැන. හෝටලේ කෙනෙක්ම අරන් පොලිසිය ගිය නිසා ආපහු තියන්න ඇති.(නි)
තීක්ෂණ පොලිස් නුවණ නිසා රටේ නමත්, හෝටලයේ නමත් රැකුණා.(නි)
රක්ෂණයෙන් ගන්න ඔහොම කරනවා..!(නු)
බොරැ පැමිණිලි කලාට අඩුගානෙ දඩයක්වත් නැද්ද?(නු)
ඉඳුරුවේ පොලිසිය කොතනද තියෙන්නෙ. ?
අනුන්ගේ රටකදි බොරුකීම සහ වංචාකිරීමට ඔවුන්ට දඩුවම් දෙන්න..!(නු)
ඇල්ලුවට දඩුවම් නැහැනේ..!(නු)
මේක සාමාන්‍ය දෙයක් පිටරට උදවියට.. හේතුව මේ අය ඒ රටවලට ආපසු ගිය පසු පොලිස් පැමිණිලි විස්තරය බැංකුවට හෝ රක්ෂණ සමාගමට දුන්විට ඒකට වන්දියක් ගන්න පුළුවං.. මේ රටවල අය දන්නවා මේ වගේ වැඩ කරන්න පුළුවං රටවල් මොනවාද කියලා..!(නු)
යුක්රේනයේ අය මේ විදියට බොරු පැමිණිලි කරනවා හරියට (නි)
දිනේෂ් අසංග හෙට්ටිඅරච්චිගේ කතාව 100% ක් ඇත්ත. මෙහෙ පොලිසියෙන් එයට අදාළ පොලිස් ලියකියවිලි අරන් ගියාම ඒ ගොල්ලන්ට රක්ෂණ සමාගමෙන් වන්දි හම්බවෙනවා.එතකොට ඒගොල්ලන්ගේ සංචාරයට ගිය වියදම ආවරණය වෙනවා. හැබැයි අපේ රටේ හම යනවා. මෙහෙම වෙච්ච පළමු වතාව නෙමෙයි මේක ලංකාවේ. (නි)
කවුද දන්නේ හෝටලේ කෙනෙක්ම හොරකම කරලා වැඩේ ගැස්සෙයි කියලා බයට ආපහු ගෙනත් තිබ්බද කියලා? (නි)
විභූෂ 2012-09-29 18:11:54 "මමත් දන්නවා ඔහොම දේවල් ගැන. හෝටලේ කෙනෙක්ම අරන් පොලිසිය ගිය නිසා ආපහු තියන්න ඇති." ඔයාට මේවා හොදට පුරුදුයි වගේ නේද? (නි)