(ගයාන් සූරියආරච්චි )

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 667 ක්  අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 564 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 103 ක් සමගින් මුළු සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්  153g655mg, අයිස්  88 g 255 mg  ,ගංජා  06 kg 462 g , ගංජා පැල 4,688, මාවා  113 g ,මත්පෙති 180, මදන මෝදක 147g අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 564 දෙනා අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවෝ 07ක්ද සිටිති.