(ගයාන් සූරියආරච්චි)

යුක්ති මෙහෙයුමට සමගාමීව අද (18) කළ මෙහෙයුමකදී කඩු 6 ක්, මන්නයක්, කිනිස්සක්, තහනම් පිහි 2 ක්, වාහන 11 ක්, සමග පුද්ගයන් 1061 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 5 දෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 322 ක්, අයිස් ග්‍රෑම් 11 ක්, ගංජා ග්‍රෑම් 160 ක්,  ඈෂ් ග්‍රෑම් 13 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට  ගෙන තිබේ.