වතුපිටිවල වැසූ කම්හලක යකඩ හා ඇලුමීනියම් දෙන බව පවසා රජයේ දේශපාලනාඥයකු තමාගෙන් රුපියල් ලක්ෂ96ක් ගත් බවත් යකඩත් මුදලුත් දෙකම නොලැබුණු බවත් හලාවත පරණ යකඩ බඩු ව්‍යාපාරිකයකු වන මොහොමඩ් නොගෙල් සමීර් මහතා පොලිස් මූලස්ථානයේ දී අද පැමිණිල්ලක් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණයන්ට සරණ වෙන කෙනෙක් එහෙම නොවෙයි නේද? (නි)
කලබල වෙන්න එපා. ලංකාව යන්නේ ආසියාවේ ආශ්චර්යයට (නි)
ආශ්චර්යමත් ගෝලයෙක්ගේ වැඩක්.වෙළෙන්දාට කාගේ සරණක් ද? (නි)
ලොකු ලොකු හොරු අල්ලන්න පොලිසියට බැරි මොකද මන්දා? (නි)
කවුද මේ? (නි)
මට නම් මෙලෝ දෙයක් මතක නැහැ. (නි)
දැන් මතක නැතුව ඇති ගත්තද කියලා. (නි)
යකඩ ටික සේරම වේයෝ කාලනේ. ඇලුමිනියම් ටිකත් හොදටම දිරාපත් වෙලා. 'සොරි හොදේ'. (නි)
ඔය කියන ලක්ෂ 96 පගාවක්ද කියල හොයලා බලන්න. මෙතැනදී අල්ලස් දෙපාර්තමේන්තුවත් මැදිහත් විය යුතුයි. (නි)
මෙම චූදිතයාගේ නම පළකරන්න (නි)
මේ පොලිසි වලට පැමිණිලි කිරීමෙන් හෝ නඩු දැමීමෙන් වැඩක් නැති බව මෙයා දන්නේ නැතුව ඇති. මේ වගේ පැමිණිලි, නඩු කොයි තරම් නම් තියෙනවද? ඒ කිසි එකකින් වැඩක් නැහැ. උසාවියෙන් වරෙන්තු නිකුත් කළත් වැඩක් නැහැ. වැඩේට සම්බන්ධ කෙනා දේශපාලකයෙක් නම් කරුණාකරලා ඒක අමතක කරලා දාන්න. අමතක කරන්න එපා මේ ශ්‍රී ලංකාව කියලා. (නි)
ඔබ තබන තබන අඩිය සාර්ථක වේවා! ජීවිතය සාර්ථක කර ගැනීමට දෑතට සවිය, සිතට ගතට වීර්යය ලැබේවා! (නි)
රට පෙරට අපි පස්සට. (නි)
ඔය සල්ලි ටික ගසාකෑවේ කවුද කියලා අපි දන්නවා. (නි)
රජයේ බඩු කුණුකොල්ලෙට ගන්න අයට පාඩමක් උගන්වන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ. (ත)
අහවලාගේ තවත් වීර ක්‍රියාවක් වගෙයි. (නි)
යකඩ නම් ඉතිං අහවලා තමයි. (නි)
මීට පස්සේවත් බඩු අතට ගත්තට පස්සේ සල්ලි දෙන්න. ඔබට අල්ලාහ් දෙවි පිහිටයි! (නි)
දේශපාලුවන් විශ්වාස කරන්නාට අවසානයේ ඉතුරු වන්නේ දුක සහ තරහව පමණයි. (නි)
ලංකා ඊ නිව්ස් වල සියලුම විස්තර තියෙනවා. (නි)
අසරණයා පවු. (නි)
ඉන්ද්‍රජිත් සමග මමත් එකගයි. (නි)
අනේ, අසරණයෙකුට සිදු වූ අපරාධයක තරම? (නි)
හොර පාරෙන් ගිහින් අයුතු ලාබයක් ගන්නනේ මුදලාලිත් මහා හොරාට හේත්තු වෙන්න යන්න ඇත්තේ. මට නම් එන්නේ 'කාලකන්නි' සන්තෝෂයක්. නීතියෙන් මර්දනයක් නොවෙන නිසා ඔයාලා ඔයාලම කාගන්නකෝ. (නි)
නියමයි දැන් තම තමන්ම කා ගන්නවා
පිස්සුද (අ)
මේවාට මුල දේශපාලුවන්. (නි)
දේශපාලකයාගේ නම නොදමන්නේ මන්ද? එය ගොඩක් වටිනවා අපට. (නි)
මට මොනවත්ම මතක නැහැනේ (ස)
නියම අදහස් ටික.. දැන් අපි දන්නවා කවුද කියලා මේ..අයියෝ අසරණයා. (ස)
දෙන්නම හොරු.ඔබ මෙතෙක් දවසක් වෙළඳාම් කරන්න ඇත්තෙත් ඔය විදියට වෙන්න ඇතිනේ..දේව සාපයක්. (ස)
මෙතුමා ජන දුක හදුනන ජනතා පුත්‍රයෙක් (නි)
...........අසරණ වෙලා වගේ.. (ස)
වහාම දඩුවම් දෙන්න (නි)
අපි ගැන බලන්න කවුරුත් නැහැනේ (නි)
කාව විශ්වාස කළත් දේශපාලුවන් විස්වාස කරන්න එපා. මොන පාටින් ආවත් එයාලව විශ්වාස කරන්න එපා. (නි)
අසරණ මනුස්සයෙක් මොකක් හරි ආයෝජනයක් කරන්න හැදුවහම එයාට නිකන් තණ්හාව ගාවලා බොරු චෝදනා කරන්න එපා. (නි)
සල්ලි හදිසියක් ද දන්නේ නෑනේ (අ)
තවත් කවුරුහරි සම්බන්ධද? (අ)
ඔන්න කොල්ලෝ, බොරු කතා කියලා මගේ ''කීර්ති නාමයට'' හානි වෙලා තිබුණොත් මම නඩු දානවා. යකඩ වලට දුන්න ගාන මදිවෙයි මට ගෙවන්න හොඳේ. (නි)
මරණ දඩුවම මුලින්ම දෙන්න ඕනෑ මේ අයට තමයි. (නි)
බලධාරීන් නිදිද? (නි)
තණ්හාව නිසා දුක ඇතිවේ. (නි)
සාමාන්‍ය මිනිහෙක් කළා නම් නම සහ වයස දානවා. සැකපිට ඇල්ලුවා කියනවා. ඒ වුණාට දේශපාළුවන් ගැන දාන්න බැහැ. ඇයි ඒ? (නි)
ලක්ෂ 96 ගත්තා නම් මතක ඇති. ඒත් බඩු දෙන්න අමතක වෙන්න ඇති. (නි)
රට පෙරට කියලා කිවුවේ බොරුවට නෙවෙයිනේ. (නි)
අනේ, සල්ලිත් නැහැ සනීපත් නැහැ. (නි)
අසරණ මහත්තයෙකුගේ වැඩ තමයි ඉතිං. (නි)
අසරණයාට ඉතිං කොහොමද සරණක් වෙන්නේ? (නි)
සල්ලි ගත් අය මෙන්ම දුන්නු අයද අල්ලා නඩු පැවරිය යුතුයි. මොකද ඔය සල්ලි දුන්න කෙනා ඔය සල්ලි වලට ආදායම් බදු ගෙවලා නැතුව ඇති. (නි)
අර අහවල් ටීවී නාලිකාවේ එහෙම සම්බන්ධයක් නැහැ නේද? (නි)
යකඩ ටික ආපහු දෙන්න බලද්දී මීයෝ කාලා කියලයි ආරංචි. මොනවා කරන්නද? ඕවා ඔහොම තමයි. කෝප ගන්න එපා. (නි)
අපරාදේ අසරණයට සරණක් වෙන්න. නඩු දාන්න එපා. (අ)
මේ රාමසාන් කාලේ නිසා, පිනට දුන්නා කියලා හිත හදා ගන්න. (නි)
මම හිතන්නේ සල්ලිත් යකඩ වලටම කවලම් කරන්න ඇති. (නි)
අනේ මගේ සල්ලි ඔක්කොම ඉවරයි. (නි)
ඔහොම යන්. ඔහොම යන්. (නි)
කිසි ගුණයක් වර්ධනය කරගන්න බැරි මළකඩ කාපු පරණ යකඩ ගොඩක් වගේ, මම කිසි සරණක් නොමැතිව අසරණ වෙලා. (නි)
පවු අසරණයා. ඔහුට සරණ වෙන්න කවුරුත් නැද්ද ? දැන් ඉතින් ගමේ අසරණ සරණ සමිතියේ පිහිටවත් ඉල්ලා ගන්න බලන්න.ඉස්සර නම් පරණ යකඩ බඩු කාරයන් ළඟ හදිස්සියකට ගන්න රුපියල් 1000 ක් වත් නැති වුණාට දැන් ඉන්න පරණ යකඩ බඩු කාරයෝ බිස්නස් කරන්නේ කෝටි ගණන් වලින්. මොකක්ද මේ රහස ? (නි)
මේවා කාටත් හොද පාඩම් (නි)
නඩු කියලා වැඩක් නැහැ.නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
ඕක ඉතිං සුලු දෙයක්නේ. දේශපාලඥයකුට දීපු ඡන්දයක් කියලා හිත හදා ගන්න. (නි)
පවු අප්පා. දුකේ බැහැ. (නි)
මේ මනුස්සයාට වෙන සරණකුත් නැහැ. යකඩත් නැහැ. පවු. අසරණයා. (නි)
අයියෝ තම්බි, අයියෝ සල්ලි කියලාවත් හිත හදා ගන්න මල්ලි. (නි)
යකඩ නම් අරයම තමයි
ශ්‍යාමිලට දුකලු (අ)
මතක නැතිව ඇති දැන් සල්ලි ගත්ත එක (අ)
අනේ පව් අසරණයා (අ)
මේ පැමිණිලිකරු පිරිසිදු ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ කියන එකයි මගේ නම් අදහස. විත්තිකාර පැත්ත ගැන නම් ඉතිං ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. (නි)