අම්පාරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීට විදුලි බල මණ්ඩලයෙන් සැපයූ විදුලිය අහිමි කළ සන්ධාන මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන මහින්ද රාජපක්ෂ ජනපතිට පැමිණිලි කරන බව විදුලි ඉංජිනේරුවකු ද වන ජ්‍යේෂ්ඨ ඇමති පී.දයාරත්න මහතා කියයි. ඇමතිවරයා පැවසුවේ විදුලිය ගැනීමට මණ්ඩලයට මුදල් ගෙවපු පුද්ගලයකුට මෙසේ අවහිර කිරීමේ සිද්ධියක් තමා මීට පෙර නොඇසූ බවයි. අද රාත්‍රී වනතුරුත් මන්ත්‍රී නිවසට විදුලිය ලැබුණේ නැත.