
(චාන්දනී දිසානායක සහ කාන්ති මාලා උඩගෙදර)
වාහනයක චැසි අංක සංශෝධනය කර කැබ් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට අනුබල දීමේ සිද්ධියකට සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි වාසල මහත්මිය නියෝග කළාය.
වාහනයක දත්ත ව්‍යාජ ලෙස සකස් කිරීම සහ අදාල ලිපිගොනු සැඟවීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 27 වැනි දා අත්අඩංගුවට ගෙන 28 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd