(ගයාන් සූරියආරච්චි)

ව්‍යාජ ලෙස මෝටර් රථ කීපයක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත්මේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරයකු ඇතුළු නිලධාරීන් 3 දෙනකු අද (26) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 3 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සදහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව යටතේ හිටපු සංවර්ධන සහකාරවරයකු, හිටුප විමර්ශන සහකාරවරයකු සහ  හිටපු සහකාර කොමසාරිස්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.