(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල සහ දෙහිවල පොලිස් වසම්වලදී සිදු වූ වෙඩි තැබීම් 2 ක් සමග මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිද්ධීන් 20 ක් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම වෙඩි ප්‍රහාරවලින් 13 කු මියගොස් පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙම මාසයේ පමණක් මතුගම කටුනායක, නවගමුව, පිළියන්දල සහ දෙහිවල පොලිස් වසම් වලදී වෙඩි තැබීම් 5 ක් සිදු වී එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඒ පොලිස් වාර්තා සඳහන් කරයි.

සංඛ්‍යා දත්ත අනුව ඉකුත් වසරට වඩා මෙම වසරේ වෙඩි තැබීම්වලින් සෑහෙන අඩුවක් දක්නට ලැබෙන බවත් ඊට හේතුව විදේශගතව සැඟව සිට මනුෂ්‍ය ඝාතන මෙහෙයවු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.