
(අංජුල මහික වීරරත්න)
ගල් අඟුරු වංචාවේ වගකීම බාරගෙන මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය.
බලශක්ති ඇමතිවරයා පමණක් ඉල්ලා අස්වීමෙන් පලක් නැති බව කී පීරිස් මහතා බලශක්ති ඇමති යනු අත කොලුවක් පමණක් බවද පැවසීය. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
මේ ප්‍රෝඩාකාරී වංචාව පියවරෙන් පියවර ඉදිරියට ගෙනයාමට හැකිවූයේ සමස්ත රජයේම අනුග්‍රහයෙන් බව කී පීරිස් මහතා සමස්ත රජයම මෙහි වගකීම සාමූහිකව බෙදා ගත යුතු බව සඳහන් කළේය.
ඒ නිසා මුළු කැබිනට් මණ්ඩලයම රටේ නීතියට, සම්ප්‍රදායට, ජනතාවට තියෙන බැඳීමට ගරු කර වහාම ඉල්ලා අස්විය. යුතු යැයිද එය නොකෙරනවා නම් ඊට එරෙහිව නීති පියවර ගැනීමට අනාගත ආණ්ඩුවක් පැහැදිලිව බැඳී සිටින්නේ යැයි ද ජී.එල්.පීරිස් මහතා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගෙ කාලෙත් එහෙම කරා නම් දැනුත් කරන්න තිබුණා... මහ බැංකුව කඩපු වෙලාවේ ඔබතුමා කොහේද අප්පේ හිටියේ ....? දැන් වයස වැඩියි ගෙදර ඉන්න ඕන කාලේ....
ලොක්කා ටිකක් ඉවසලා ඉන්න. ඊයෙනේ වැඩ පටන් ගත්තේ... කොයි කාටත් ගුණිඅඟුරු කන්න හම්බවෙයි. එදාට පහරන්න වෙන්නෙ ගිණිදළු...
සීයාට නම් ඊළඟ ආණ්ඩුව බලන්න වාසනාවක් නැතිවෙයි.
මහ බැංකු සහ පොහොර වංචා කාලයේ ආණ්ඩු වගේ වෙන්න ඇති නේද?
එහෙට මෙහෙට හේත්තු වෙවී ඇමැතිකම් අරගත්තු තමුන්ගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිතම පව්ල් පාලන ආණ්ඩුව කාලේ, හිටපු දූෂිත දේශපාලුවෝ හැම එකාම කෙරුවේ එසේ මෙසේ හොරකම් නොවෙයි.
මේ උන්නැහැ පහුගිය ආණ්ඩුවල ඉඳලාම නැහැ වගේ කතාව. කොමිසම 2009 ඉඳලාම පටන්ගත්තාම කාගෙ කාගෙත් රෙදි ගැලවෙයි. එතකන් විහිලු කරන්නේ නැතුව ඉන්න. එක අතකට ඩිමෙන්ෂියාව කියන රෝගය හැදුණාම පහුගිය කාලේ කියපු කරපු ඒවා අමතක වෙනවානේ. දැන් මුළු විපක්ෂයටම ඩිමෙන්ෂියාව වගේ...
වල පයයි, ගොඩ පයයි, මහා ලොකු උගතා දැන් චාමර සම්පත්ලාගේ තත්වයට වැටිලා...
හරියට ඔයා රාජපක්ෂලාගේ, චන්ද්‍රිකාගේ සහ රනිලේ අත කොලුවක් වගේද?
මෙයා වයසට ගියේ පසුගිය කාලයේ හොරකම් කිසි දෙයක් නොදැනද? රට වැටෙනකම් හොරා කස්පු නාකි මයිනගේ කට්ටියට. ලාම්පුව අල්ලලා දැන් මේ රජයට ගෙදර යන්න කියනවාද? මේ හොර ගොබ්බයෝ එදා මයිනාට රනිල්ට කිව්වාද මේ විදියට.... එහෙම කිව්වා නම්, ගොබ්බයින්ට ගෙදර යන්න වෙන බව වහන්න නිසා හොරා කන ඒවා දැක්කේ නැහැ වහෙ හිටපු... කොන්ද පණ නැති හිවල්ලු දැන්. චන්ඩි වගේ බුරනවා. නාකිමයිනා කතාකරලා සුබ පතනවා. මේ නාකිමයිනාගෙන් ලකුනු දාගන්න... නාකි රැල උඩු බුරනවා. කොහොමද ගෝඨාවගේ සුදුවෑන් එක ගෙනාවා නම්... එක එකාව අරන් යන්න. එහෙම වුණා නම්. මේ ගොබ්බයෝ තවමත් බන්කරවල හැන්ගිලා ඉන්නේ....
මහාචාර්ය තුමා හරියට මෙලෝදෙයක් නොදන්නා කෙනෙක් වගේ? පව්ල් ආණ්ඩුව, අලිබබා සහ හොරු සෙට් එක කරපු මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වල හැටියට ඉන්ඩ ඕනේ හිරේ...
නුඹලා තමයි රට කෑවේ...
එතකොට මම දවල් කඩපු මහ බැංකුවේ අයට මොකද කරන්නේ...?
ඉස්සර අය එහෙම නොකළ නිසා තමයි මේ ආණ්ඩුව පත් කලේ පත්වුණේ කියලා මේ ඩෝබි දායක සභාව දන්නේ නැතිව වාගේ ඉන්න හැටි. නේපාලේ ඇමැති කෙනෙක් පත්වෙලා සති දෙකකින් ඉල්ලා අස්වුණා. මොකද ඔවුන්ගේ ප්‍රතිපත්තියට අනුව වත්කම් නිවැරැදිව එළිදරව් නොකලා කියලා. ඔය විදියටම අපේ බලයට ඇවිත් ඉන්න ආණ්ඩුව කිසිම ලැජ්ජාවක් නැතිව හොරකම් වහන්න හදන හැටි නින්දිතයි. මේ ඊනියා ආණ්ඩුවට වැඩිය නේපාලේ රැප් ගායකයාගේ ආණ්ඩුව සුජාතයි ස්වාධීනයි කොන්දක් තියෙනවා වගකීම් භාර ගන්නවා....