(චන්ද්‍රසිරි ගුණසේකර)

විදේශ ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු  සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා නැමැති අපරාධකරුගේ ප්‍රධානම මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන දැනට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරනු ලබන සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 62ක්ද සමග ඇල්පිටිය පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අද අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිවිටිය ,දිවිතුර, අගලිය, බද්දේගම පදිංචි දොම්මනිගේ ඉසුරු භාග්‍ය සදමාල් නැමැත්තෙකි.

මෙම සැකකරු මිනුම්දෝරූ  සහායකයෙකු වශයෙන් ගාල්ල  ප්‍රදේශයේ සේවය කරන බවත් රාජකාරි කරන අතර තුර හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි .තණබද්දෙගම ආදාහනාහගාරය අසලදී සැකකරු අත් අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

සැකකරු අද ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබේ.