
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර රූපලාවන්‍ය ශිල්පියා මොරටුව ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යන අතර මීට දින කීපයකට ඉහතදී අන්තර්ජාලයේ යෙදවුමක් හරහා පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයෙක් දැන හඳුනාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
ඔවුන් දෙදෙනා වට්සැප් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කරගෙන හිතවත් වී ඇති අතර විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයා සාදයක් සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනාවක් අනුව ඉකුත් 10 වෙනිදින රාත්‍රී රූපලාවන්‍ය ශිල්පියා කුලී රථයක් උපයෝගී කරගෙන සාදය පැවැත්වෙන බව කියන විශ්ව කලාව ප්‍රදේශයේ සූසාන භූමිය ආසන්නයේ නිවසක් කරා පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී වර්ෂාව ඇද හැලුනු බැවින් රූපලාවන්‍ය ශිල්පියා හැද සිටි ඇඳුම් ද තෙත බරිත වී තිබූ බැවින් ඔහුට ඇඳුම් මාරු කරගන්නා ලෙස ඔහු සමග හිතවත් වු පුද්ගලයා පැවසීමෙන් අනතුරුව ඔහු එම නිවස තුළ ඇඳුම් මාරු කරමින් සිටියදී එම නිවස වෙත කඩා වැදුණු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු , රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇත.
අනතුරුව අතර සෙසු පුද්ගලයන් ඔහුගේ රන්මාලය සහ අත් පළඳලාවද කොල්ලකා මුදල් පසුම්බියේ තිබූ ඒ.ටී.එම් කාඩ් පත හා රහස් අංකයද බලෙන් ලබාගෙන එක් පුද්ගලයකු පිළියන්දල නගරයට ගොස් එහි තිබූ රුපියල් 84,000 ක මුදලක් ලබාගෙන ඇතැයි රූපලාවන්‍ය ශිල්පියා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
143
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
පිටිගල මිලානෝ Sunday, 13 October 2024 01:47 PM
තටු ගලවලා…..