(අංජුල මහික වීරරත්න,ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අද (6) රාත්‍රී එක්වරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කඩිනමින් එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් පොලිසිය සහ කැරළි මර්දන ඒකකය පොලිස් විශේෂ කාර්ය බළකාය,බන්ධනාගාරය වෙත කැඳවාගෙන ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණි

රැදෙවියන් විසින් දේපළවලටද අලාභ සිදුකර තිබිණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රොන යානා යොදවා අභ්‍යන්තර තත්වය නිරීක්ෂණය කිරීමටද කටයුතු කළේය.

කෙසේ වෙතත් මධ්‍යම රාත්‍රීය පසුවද්දී  තත්ත්වය පාලනය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.