මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ රාත්‍රීයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන්   තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ අතර සිටි එක් රැඳවියකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.