
(කේ බුද්ධික කුමාරසිරි)
කොස්ගම ඇස්වත්ත දකුණ කොස්ගහයටකඩේ ප්රදේශයේදී සිය මාමණ්ඩිය හා බෑණා අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් මාමණ්ඩිය බෑණාට තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා සිද්ධිය වූ අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවත් පවුල් ආරවුලක් මත ඇතිවූ කතාබහින් පසු සිදු වූ තියුණු ආයුධ ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා අවිස්සාවේල්ල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පුවක්පිටිය ඇස්වත්ත උතුර ලිපිනයේ පදිංචිව සිටි දුෂාන් රංගන මායාදුන්න නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකාර මාමණ්ඩිය බව කියන පුද්ගලයා කොස්ගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේආර් ඔය වැඩේ කලින්ම කරල තිබුණනම් ලංකාව ටිකක් හරි වාසනාවන්ත රටක් වෙනවා.