
(සිතුම් චතුරංග)
වවුනියාව , නේරියකුලම මාන්කුලම් වැවේ තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් , මැගසීන් තුනක් සහ ටි 56 ගිනිඅවි සඳහා යොදාගන්නා උණ්ඩ 88ක් සොයාගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි.
වැවේ සඟවා තිබෙන ගිනි අවියක් සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත සෙට්ටිකුලම පොලිසිය සහ වවුනියාව පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය පැවසීය.
සොයාගත් ගිනිඅවිය සහ උණ්ඩ පොලිතින් උරතුල ආරක්ෂිතව ඇසුරුම්කර ගිල්වා තිබූ අතර වසරකට අධික කාලයක් ගිනි අවිය වැවේ තිබී ඇති බව පොලිසිය පැවසීය.
මෙම ගිනි අවිය පාතාල සාමාජිකයින් වෙත ලබාදීමේ අරමුණින් වැවතුල ගිල්වා සඟවා තබා ඇති බව විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd