
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි )
අඹේපුස්ස කැබැල්ලවිට ,ප්‍රදේශයේ ,යත්තල්ගොඩ මා ඔය මායිමේ ,මීරිගම දෙස ඉවුරෙහි තිබී හමුවූ , අත්බෝම්බයක් අධිකරණ නියෝග මත පුපුරවා හැරීමට පියවර ගන්නා බව මීරිගම පොලිසිය සඳහන් කරයි .
මාඔය මායිමේ මෙසේ බෝම්බයක්ඇති බවට මා ඔයේ දිය නෑමට පැමිණි පුද්ගලයෙකු විසින් ඉයේ (04) සවස දුරකථන ඇමතුමක් මිගන් මීරිගම පොලිසියට දන්වා තිබිණි.
මීරිගම පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර ,මෙම අත්බෝම්බය පසුගිය ගංවතුර සමයේ දියේ ගසාගෙන විත් ඉවුරේ නතර ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කරයි.
නැතහොත් කිසිවකු විසින් ගෙනවිත් දමා ඇද්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතිිබව පොලිසිය සඳහන් කරයි.
COMMENTS