(විනිතා එම් ගමගේ)
ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප්රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මහජන එක්සත් පෙරමුණේ 22වැනි සම්මේලනයේ දී ‘‘අපි පතන අනාගතයකට අලූත් ආණ්ඩුවකට අලූත් වැඩ පිළිවෙළක් ’’ යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි තමන් ස්ථිර කරන බවත් එයට සහයෝගය දෙන අතර එකඟතාව ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්නේ රනිල් වික්‍රමසිංහ නොවන බවත් එම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නට පිළිතුරු වශයෙන් පුළුල් ජාතික සන්ධානයක් අවශ්‍ය වන බව ද සිරිසේන මහතා කියා සිටියේය.
මේ සමුළුවේ දී කථා කරන අන්දමින්ම අලූත් ජාතික සන්ධානයක් සේ අලූත් බලවේගයක් සේ ඊළඟ මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ සන්ධානය නොහදා ජනතා බලවේගය දිනන්න පුළුවන් වේවි යැයි තමන් නොසිතන බවත් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේ දී අද (17) මුළු දුන් මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කතාවේ දීය.



(ඡායාරූප - චතුර එස් කොඩිකාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් මහින්දට තියෙන ප්රශ්නය කවුද ජනාධිපති අපේක්ෂකයා කරන්නේ කියන එක. සහෝදරයෙක් දැම්මත් වාර දෙකක් ඉවර වෙනකම් ඉදලා ඊට පස්සේ කවුරු ඉස්සරට ගෙනෙයිද කියලා කියන්න බෑනේ.
ඔය මොන කතා කිව්වත් අනිත් කට්ටිය කියන්නේ "අවශ්‍ය ඕන කෙනෙකුට ඒ ගොල්ලෝ එක්ක එකතුවෙන්න පුළුවන්" කියලා මිසක් "අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවනවා" කියලා නෙවේ නේද? ඒ ගොල්ලන්ගේ කෙනා දෙසැම්බර් 10වෙනිදට ජනාධිපති හැටියට දිවුරුම් දෙන්න නැකතකුත් හදලා ඉවරයි කියලනේ එහෙ නායකතුමා කියන්නේ.... මේ මහත්තයා එක එක දවසට එකඑක කතා කියන නිසා කිසිම කෙනෙක් ඒ කියන කිසිදෙයක් විශ්වාස කරයි කියලා හිතන්න නම් අමාරුයි...
මෙයා හිතාගෙන ඉන්නේ අපි නිදහස ලැබුවේ ඊයේ කියලා. අන්තිමට මෙයා නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ...
අන්තිම පින්තූරයේ ඉස්සරහින්ම ඉඳගෙන ඉන්නේ ණය දෙන කට්ටියද?
මීළඟ ජනාධිපති කවුරුද කියලා හිතුවොත් ඔබතුමාට නින්ද යන එකක් නැහැ.
ඔබතුමාගේ දේශපාලන ජීවිතය... මේ අවුරුද්දේ දෙසැම්බර්වලින් ඉවර වෙනවා. එ්ක නිසා ඊට පස්සේ පොළොන්නරුවට ගිහින් කරන දෙයක් දැන්ම කල්පනා කෙරුවොත් හොඳ නැද්ද?
'මේ සමුළුවේදී කථාකරන අන්දමින්ම අලූත් ජාතික සන්ධානයක් සේ අලූත් බලවේගයක් සේ ඊළඟ මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ සන්ධානය නොහදා ජනතා බලවේගය දිනන්න පුළුවන් වේවි යැයි තමන් නොසිතන බවත් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය. ' ඒ සඳහා ඔබතුමාගේ දායකත්වය නොමඳව, නොමසුරුව ලබාදෙමින් ඊළඟ ජනපතිවරණයට රෝදයෙන්ම ඉදරිපත් වන බව ව්‍යංගයෙන් කියන බව නොතේරෙන්නොත් සිටිත්ද? අතත් නෑ, බුලතත් නෑ, පොහොට්ටුවත් නෑ. රෝදය කැරකේවි...
මොන කෙංගෙඩියක් කළත් වැඩක් වෙන්නැහැ. අපරාදෙ වියදම් කරන්න එපා. මහන්සි වෙන්න එපා. ඔක්තෝබර් 26ට පස්සේ රටේ ජනතාව ගොඩක් දේවල් තේරුම් ගත්තා. වෙන අතක් බලාගන්න.
ඔබ කියනවා වගේ අරමුණක් හොයන්න වෙනවා. දැන් හොරු ඇල්ලුවා. දුෂණ වංචා නැති කළා. ව්‍යවස්ථා උල්ලංගන කළා. හැබැයි එකක් ඉතුරුයි. මරණ දඬුවම්.
මීළඟ ජනාධිපතිවරණයේ තේමාව විය යුත්තේ එක විවාහ නීතියක්, පවුලක උපරිමය ළමයි හතර දෙනෙක්. රටේ සිංහල උරුමය රැකගැනීම සඳහා...
අපොයි තමන්ගේ එකම අරමුණ මොකද්ද කියලා මුළු රටේම මිනිස්සු දන්නවා . උඩට නැගපු ඉනිමගට පයින් ගහලා දැන් බහින්න බැරුව දඟලනවා.
ජනපති තුමෝ, 2015 ජනවාරි 08 වෙනිදා ඔබ තුමා එලියට බැස්සේ UNP එක එක්ක එකතුවෙලා එවකට තිබුන හොර තක්කඩි ආණ්ඩුවෙන් රට බේරගන්න කියලානේ. දැන් එදා රට විනාශ කලා කියපු හොර තක්කඩි එක්ක එකතුවෙලා ආයෙත් අලුත් ගමනක් ගැන පන්පොරි ගහනවා. හැබැටම මොනවාද මේ බයිලා.
අපේ අප්පච්චිට බුදු බව අයිතිවෙන්න අපිට පොඩි කාලේ කියපු දෙයක් තමා "උගත මනා සිල්පයමය් මතු රැකෙනා " කියලා , උගතෙකුට , පමණයි හැමෝගෙම අනාගතයත් , රටේ අනාගතයත් රකින්න පුළුවන් . වෙන මොනවා කියන්නද
මෙයා අපේ රටේ උගත් මිනිස්සුන්ට නිගරු කරනවා. රටේ හැමෝම දන්නවා මෙයා එකක් කියන, තමන්ගේ වාසියට වැඩ කරන මිනිහෙක් කියලා. පත්වීම ගන්නකොට කියපු කතා දැන් මතකත් නෑ. දැන් බලන්නේ ළමයි, සහෝදරයෝ කොහොමද දේශපානයට ගේන්නේ කියලා. මේ වගේ අයට වඳින්නත් මිනිස්සු ඉන්නවනේ...
කෙළෙහිගුණ නොදත් ජනපති...