(ඩයනා උදයංගනී)
මීළඟ ජනාධිපතිවරණයේදීත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මැයි දින සැමරුමෙන් පසුවද තමන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඉදිරිපත් කරන්නේ පක්ෂ නායකයෙක්ද එසේත් නැතිනම් පොදු අපේක්ෂකයෙක් ද යන්න ගැන තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශවීමෙන් පසුව බව කී අමාත්‍යවරයා එක්සත් ජාතික පෙරමුණ තුළ පොදු අපේක්ෂකයෙක් පිළිබඳ එකඟතාවක් ඇති වුවහොත් ඒ ගැන වෙනත් පක්ෂ සමඟ ද සාකච්ඡා කරන බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.
‘‘ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තමන්ද නැතිනම් වෙන කෙනෙකු ද යන්න අගමැතිතුමා මෙතෙක් ප්‍රකාශ කර නැහැ. එතුමා මැයි දිනයෙන් පසුත් මා සමඟ පොදු අපේක්ෂකයෙක් ගැන සාකච්ඡා කළා. එතුමා කටුවක් අස්සේ ඉන්න දේශපාලනඥයෙක් නෙවෙයි. එතුමාට දේශපාලනය හොඳින් තේරෙනවා. ඉදිරිපත් කරන්නේ පක්ෂ නායකයෙක්ද නැතිනම් පොදු අපේක්ෂකයෙක් ද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරණයේදීයි.’’ යැයි ඇමතිවරයා කීවේය.
මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අපේක්ෂකයා කවුද යන්න ගැන අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව බවත්, එය පක්ෂ සම්ප්රදාය බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකක් දීලා පැත්තකට දාන්න කෙනෙක් නැහැනේ!
මේ එක්කෙනෙක්ගේ අම්ම කෙනෙක් තේරුවා නම් හොඳයි.
ලබන සැරේ සිරිසේන කෙනෙක් වෙනුවට සිරිසඟබෝ කෙනෙක්ව හොයාගන්න වෙයි.
රටකට ඕනේ අපමණ අගයක්, ඒකට ඕනේ පොදු අපේක්ෂකයෙක්... ප්රජාතන්ත්රවාදය, යහපාලනය, සංහිඳියාව, ආර්ථිකය ශක්තිමත් කර ගත හැක්කේ පොදු අපේක්ෂකයෙක් මගින් පමණයි.
ඉදිරිපත් වෙන්න බයද? 31වන වතාවටත් පැරදුණා කියලා මිනිස්සු කාඩ් ගහයි කියලා බයයිද? බය නොවී ඉදිරියට එන්න... මැරෙන සැටි මම පෙන්වමි, කියලා කියන්න බැරියැ ඕනෑ නම්....
කියන විදිහට අර ගොයියම තමයි එන්න ඉන්නේ...
දැන්මම කියන්නම්. ඔන්න අපි නම් නැහැ. අපි දැන් පොදු අපේක්ෂකයින්ට රැවටිලා හුගාක් කල් වෙනවා.
තවත් කියන්න පුලුවන්වෙවිද අලුත් යුගයක් ගැන? තව කල් තියෙන නිසා ගයන වයන බයිලා ටික ඒවා කියන කට්ටිය දැන්මම සුදානම් කරගෙන ඉන්න පුළුවන්.
හුරේ... අපිත් මේ මග බලාගෙන තමා ඉන්නේ ඔය කල් ඉකුත් වෙච්ච අම්බරුවෝ රෑන එනකන් ආදරයෙන්, සාදරයෙන්, සුන්දරව පිලිගැනුමට.
රටට වෙච්චදේ
බොරු පොරොන්දු ගොඩාක් හදලා ඇති .මේ සැරේත් රැවටීමට අපි පෙළ ගැහෙමින් සිටිමු .
යාපනයේ මහ අධිකරණ විනිසුරු එම්. එලන්චේලියන් මැතිතුමා තමයි හොඳම අපේක්ෂකයා. නමුත් දිනන්න බැහැ. ඊලගට ඉන්නේ කරු ජයසුරිය මැතිතුමා. ඉල්ලුවොත් අනිවාර්යයෙන් දිනනවා.
ආයේ පොදු අපේක්ෂකයෙකුට යූඑන්පී කාරයෝ නම් ඡන්දේ දෙන්නේ නැහැ. දීලා කරගත්ත ටික මදෑ. අපි දෙමු සජිත්ට.