IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මළ සිරුර බෙදාගන්න බිරින්දෑවරු දෙදෙනක් වලියක

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන් දෙදෙනාටම අවසන් ගෞරව දැක්වීමට හැකිවන පරිද්දෙන් තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු  චින්තක උදය කුමාර මහතා ඊයේ (18) පියවර ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි පවසයි.

ඒ අනුව හෝමාගම පෞද්ගලික මල්ශාලාවක තබා පැය දෙකක කාලයක් අනියම් බිරියගේ අවසන් ගෞරව දැක්වීමටත් අනියම් බිරිය දේහය බාරදුන් ඉන් පසුව විවාහක බිරිඳ භාරයේ  දේහය භූමදාන කොට අවසන් ගෞරව දැක්වීමටත් හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කර තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා මීගහකිවුල ප්‍රදේශයේ කාන්තාවක සමග 2006 වසරේදී විවාහ වී රැකියාව වශයෙන් කලින් කලට රටපුරා තැන් තැන්වල යමින් රඹුටන් අලෙවිය ඇතුළු විවිධ ව්‍යාපාර කරමින් ජීවනෝපාය සලසාගෙන  සිටින අතරතුරදි රඹුටන් අලෙවිය සඳහා හෝමාගම ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවකදී එහි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් වසර 15ක් පමණ පවත්වාගෙන ගොස් ඇති අතර ඒ බව දැනගත් විවාහක කත සැමියා අතහැර දමා දරුවන් තිදෙනා සමග ජීවත්ව ඇති බව පැවසේ.



අදහස් (1)

මළ සිරුර බෙදාගන්න බිරින්දෑවරු දෙදෙනක් වලියක

කසුන් Monday, 19 February 2024 04:48 PM

මිනිහට රහ වැටිලා දෙන්නාම...! ‌

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site