හදිසි මරණ පරීක්ෂණය අවසානයේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක විසින් මුදාහැරුණු සිරුරක් කොළඹ මල්ශාලාවක තිබියදී වැල්ලම්පිටිය පොලිසිය යළිත් රෝහල් මෘත ශරීරාගාරයට ගෙනයාමත් තම නියෝගයක් නැතිව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට යාමත් නීති විරෝධී යැයි කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම මහතා කියයි. මේ සිරුර අද (25) සවස්වන විටත් මෘත ශරීරාගාරයේ තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වා නොතිබිණි. දින දෙකකට පසුවත් සිරුර නොලැබුණු බව නෑයෝ කියති. හදිසි මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඉකුත් අඟහරුවාදා (24) නෑයනට මුදාහැර ඇත. අනතුරුව සිරුර මල්ශාලාවකට රැුගෙන ගිය පසු එදින සවස එහි ආ පොලිසිය නැවත රැගෙන ගොස් ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන යන බව නෑයනට පවසමිනි. වැල්ලම්පටිය මීතොටමුල්ල පාර සෙල්ලරාජා අරුල් රාජ් (20) තරුණයාගේ සිරුර මෙලෙස පොලිසිය ගෙන ගොස් ඇත. ඔහු දුම්රියට පැන සියදිවි හානිකරගත් බවට සාක්කි විමසා තීරණය කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂක සිරුර නෑයනට බාරදුන්නේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ පරික්ෂණයේදී මිනිය කතා කරලා කියයි " මට මෙරෙනවා විතරයි මතක . ඊට පස්සේ මොනවත් මතක නැ " කියල . ( දුමින්ද සිල්වා වගේ ) (දී)
අනේ මන්දා, මේ පොලිසියේ අයට මොනවා වෙලාද? (නි)
අනේ පවු. (නි)
වැඩ නැතුවට වැඩ කිවුවලු. (නි)
ගණන් ගන්න එපා, ඕක ඒ ගොල්ලන්ගේ පුරුද්ද (දී)
ඔය කියන සිද්ධිය ඇත්ත නම් එතන පොලීසිය වැරද්දක් කරලා නැහැ. සියදිවි හානි කරගැනීමකදී අනිවාර්යයෙන් මරණ පරික්ෂණයක් පැවත්විය යුතුයි. මිණිය මරණ පරීක්ෂණයකින් තොරව නෑයන්ට දෙන්න නීතියෙන් අවසර නැහැ. (නි)
කොහොමද අපේ වැඩ .. (දී).
මම හිතන්නේ මේක පොලිසියේ රාජකාරිය. පොලිසිය තමන්ගේ රාජකාරිය ඉටු කරන්න ගියාම සමහරුන්ට ඒක කරදරයක් වගේ පේන්න පුළුවන්. නමුත් පොලිසිය මේ හැම දේම කරන්නේ මහජනතාව සඳහා බව අපි අමතක කරන්න නරකයි.අද මේ රටේ මේ තරම් වත් නීතිය හා සාමය පවත්වාගෙන යන්නේ පොලිසිය ඉටුකරන මහත් කාර්යභාරයට පින් සිදු විමට බව සිහි තබා ගත්තොත් හොඳයි (අ)
ඉක්මනට වළ දාන එකද වටින්නෙ, නැත්තම් ඇත්තටම මරණෙට හේතුව මොකද්ද කියල හොයන එකද? හිතා ගන්න බෑ, සමහරුන්ට මේකවත් තේරුම් ගන්න බැරි ඇයි කියලා. (නි)
හදිසි මරන පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නම් උසාවියෙන් අවසරයක් අවශ්‍යයි කියලයි මා නම් හිතන්නෙ. ඒත් අවසරය එන්න කලින් මිණිය වළලලා තිබුනොත් තවත් අවසරයක් අරන් වළ දාපු මිණිය ගොඩ ගන්න වෙනවා. ඒ නිසා කලින් ම නවත්තපු එක හොඳයි කියලයි මා නම් කියන්නෙ. (නි)
හදිසි මරණ පරීක්ෂක පළමු වැනි වාරයේ පොලිසියේ අවසරයක් නැතුව මිනිය නෑදෑයන්ට බාර දුන්නාද දන්නේ නැහැ නේද? (නි)
හරිම වටින ප්‍රවෘතියක්නෙ..... ලංකාදීපට ස්තූතියි! (නි)
මෙයාලට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්නේ නැද්ද එතකොට? (නි)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි (දී)
මට පේන්නේ නම් එයා දෙපාරක්ම මැරිලා වගේ. (නි)
කාගෙ හරි බල කිරීමක් නිසා ශුවර් එකටම පොලිස්සියෙන් අවසරයක් ගන්නෙ නැතුව මිනිය ඥාතීන්ට් බාර දෙන්න ඇති. .(ස)
ඇයි දන්නෑ මරණ පරීක්ෂණේ කරලා මරණෙට හේතුව හොයා ගන්නවට ඔච්චර අකමැති? පරීක්ෂනය කරාම බලා ගත හැකි වෙයි නෙ. (නු)
සිය දිවි නසා ගැනීමක් නම් හදිසි මරණ පරීක්ෂණයකට අමතරව පස්චාත් මරණ පරීක්ෂණැයකුත් කරන්නම ඕනෙ කියලයි මං නං අහලා තියෙන්නෙ. මිනිය නිදහස් කරපු කෙනා ඒක දන්නැද්ද?.(ස)
මැරිලත් සෑනසීමක් හම්බ වෙන්නෙ නෑ වගෙයි..(නු)
මේ ගැන නම් සැකයි. (නි)
කව්ද මරණ පරික්ෂනේ තියන්න කලින් බොඩි එක රිලීස් කළේ? සොයා බැලිය යුතුයි..(ස)
මේක ලංකාවේ පොලිසියේ තියෙන අඩුපාඩු වලින් එකක් විතරයි. (නි)
අපි එහෙමයි වැඩ කරන්නේ. (නි)
මේ ලංකාවේ පොලිසියේ හැටිනේ. (නි)
ආචර්‍යතුමාගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා. පොලිස්සියෙ සමහරුන්ගෙත් වැරදි නැතුවම නෙමෙයි. හැබැයි ගොඩක් අවස්තාවලදි ඒගොල්ලො හරි දේ කරත් නීතිය නොදත් සාමාන්‍ය කෙනෙකුට පෙනෙන්නෙ ඒක වැරදියට. වැඩිය ඕනෙ නෑ, මේ සිද්දියෙන්ම ඒක පේනවනෙ..(ස)
මේක අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්. හැමෝම එක පැත්තක් දිහා විතරක් බලලා නිගමන වලට එළඹෙනවා. හරි දේ කරපු කෙනාටත් නිකරුණේ දෝශාරෝපනය කරනවා. අදාල පාර්ශව 2න්ම කරුනු විමසා බැලිය යුතුයි නේද? .(ස)
මේ වගේ කමෙන්ට් පලකිරීමෙන්, ලංකාදීපයේ තත්වය හැල්ලු වීම ගැන කර්තෘ මණ්ඩලයේ මහත්වරුන්ට දුකක් නැද්ද? (දී)