
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට අවුරුදු 75 පමණ වයසැති මහළු මවක් ගෙනත් දමා අතරමං කර ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි.
එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.
නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මක නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.
සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්මා ගෙනාපු අයගේ දෙමාපියන්ට අකීකරු දරුවෙක් ඉන්නවා වෙන්න පුලුවන් ඒනිසා උන් දන්නවා කවදා හෝ එහෙම වෙන්න ඉඩ තියෙනබව මේ අම්මගෙන් එම ස්තාතානය ඒ අයට සුදුසුද බලනවා වෙන්න පුලුවන්.
මෙහෙම පාරට වැටෙන්නේ තමන්ට අයිති දේපල දරුවන්ට ලියපු දෙමව්පියන්.
මෙන්න මේ අපරාධවලටත්.. කාලකණ්ණි දරුවන්ට අඩුම ගානේ අවුරුදු 10ක් වත් සිර දඬුවම් දෙන නීති වහාම සම්පාදනය කළ යුතුයි. පව් අහිංසක දෙමව්පියන්.. ජීවිත කාලෙම කඹුරලා දරුවන් පොෂණය කරලා ... අවසන් කාලයේවත් සතුටින් අවසන් ගමන යන්න නොදෙන අය...
අනිත් අයට හොද පාඩම් .පුලුවන් කාලේ හම්බකරලා ටිකක් තියාගන්න. කිසිම කෙනෙක් විශ්වාස නැ
නුවරඑළිය සුන්දරත්වය හා සදාචාරය විනාශ කළ හිටපු පුරපති දොඩම්පේ පවුල කෝටිපතියන් වෙලා ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන බලපත්‍ර ඉඩම් බලෙන් අල්ලාගෙන කරපු අපරාධ අද ජනතාව මහමග...