දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් විසින් ඔහුගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් මිලියන 4ක් කිලිනොච්චිහි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරන මහවිරු සොහොන ඉදිකිරීම සඳහා යොදාගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත.
එසේම එවැනි සොහොනක් ඉදිකිරීම අරඹා ඇත්නම් වහාම එහි වැඩ නතර කරන ලෙසද අගමැතිවරයා නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ මොලයේ ක්‍රියාකාරීත්වය හොඳයි වගේ පේන්නේ.
මෙයාලා වැනි වැනි ඉන්නකොට පෙරහැර යාවි.
මෙය කියවීමේදී අපගේ මතකයට නිතැතින්ම නැගෙන්නේ "වඳුරන් වැසි කාලයට තට්ටු නිවාස" සැදීමට පටන්ගැනීමයි.
රට වටේ සිදුවන දේවල් මෙයා දන්නේ නැතුවා වගේ. මේක ආරංචිවෙලා දැන් සතියකටත් වැඩියි.
මේවත් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම් තමයි.
ඒක හොඳ වැඩක්. විමර්ශනය කරලා වැරදිකරු නම් වහාම විනය හා නීති පියවර ගත යුතුයි.
රාජ්‍ය මුදල් අවභාවිතයට ඔහුව අත්අඩංගුවට ගන්නේ නැද්ද ?
අගමැති මීට කලින් විවිධ කාරණාවලට පත් කරපු විමර්ශන කමිටුවල වාර්තාවලට වෙච්ච දේ දන්නෝ දනිති... කිසි දෙයක් නොවුණු වග නම්....
සොය සොො ඉන්නකොට තත්වය තවතව බරපතල වේවි...
ශ්‍රී ධරන් උන්නැහේ ඡන්දෙ පහු වෙනකම් ඉන්නවා. ඡන්දෙන් පස්සේ ඕනෙනම් ආණ්ඩුවෙනුත් සල්ලි පාස් කරලා දෙයි.
මෙයා දැන් ඉන්නේ ගලේ මළපහ කළ බළලා වගේ... කරපු වැරැදි වහගන්න බැරුව.
රනිල්, මුලින්ම ඔයා ඕක හදන්න ඉඩ දීලා ඊට පස්සේ විරුද්ධයි කියල රටට පෙන්නන්න හදන එක හරි කැතයි නේද?
අන්න යාපනය සරසවියේ බලහත්කාරයෙන් කේක් කවලා ප්රභාකරන් සැමරුමට ලෑස්තිවෙලා ...
ඇයි ඒක විවෘත කිරීමට සහභාගී වෙන්නද?
කොටින්ට අයෙත් නටන්න දෙන්න බෑ මේ රටේ.