ශ්රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අද (06) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී විනිසුරුවන් සමග වාදයක් ඇති කර ගැනීම නිසා ඔහුට තරග මුදලින් 10% ක දඩයක් පැනවීමට තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ.
ෆර්විස් මහරුෆ් 44 වැනි ඕවරයේ 5 වැනි පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් (ෆුල් ටොස් පන්දුව) යැවූ පන්දුවකට ගැසූ හතරේ පහර විනිසුරු හයේ පහරක් ලෙස සටහන් කිරීමෙන් පසුව එය හතරේ පහරක් ලෙස ඩිල්ෂාන් දැන්වීමෙන් පසු නැවත වෙනස් කර නිපන්දුවක් බවට සංඥ කිරීමෙන් පසු මහේල සහ විනිසුරුවන් අතර වාදයක් ඇතිවිය.
මෙය අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ පළමු ශ්‍රේණියේ නීතියක් උල්ලංඝණය කිරීමක් ලෙස තරග තීරකවරයා පවසා ඇති අතර මහේල මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණය වෙනුවෙන් අභීත ලෙස ක්‍රියාකල මහේලට අපේ උත්තමාචාරය....ජය වේවා!!!
නියමයි
ඔඉ තමයි නියම නායකයා.
මහේල බයවෙන්න එපා....
අසාධාරණයට කතා කරලා සල්ලි නැති වුණත් නම්බුයි. ලංකාදීපයට ස්තුතියි.
මහේල ඕක සාමාන්‍ය දෙයක්. ඔවට සැලෙන්න එපා. ඔබ තමා ලංකා කණ්ඩායමට හොදම නායකයා.
වැදි තැන කතා කරන්න.
සල්ලි ගියත් ඇත්ත කතා කරන අපේ ජයවර්ධන
නියම සිංහල කොල්ලෙක් කියන එක ඔප්පු කළා.
අසාධාරණයට විරුද්ධව කතා කරන්න සල්ලි නැති වුණත් නම්බුයි. අපි හැමෝම ඔබත් එක්ක. නායකතුමනි, අපේ ආචාරය..
කොන්ද පණ තියන නායකයෙක්. නියමයි මහේල. අසාධාරණයට ඔන්න ඔහොම කතා කරන්න ඕන.
සල්ලි නැති වුණත් අසාධාරණයට විරුද්ධව කටයුතු කරන එක අපේ අයිතියක්...
නියමයි මහේල එහෙම තමයි ඉන්න ඕන..
මහේල බයවෙන්න එපා ඔයා කොන්ද පණ තියෙන නායකයෙක් ඔයාට සුභ අනාගතයක්
ඔයින් බේරුණා ඇති මහේල ගොඩාක් වාසනාවන්තයි
මහේල සැලෙන්න එපා. ඔයා ශක්තිමත් නායකයෙක්.
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ………; ඔස්ට්‍රලියව මෙම තරග ඉතිහාසයේම මෙම තරගය ජයගනු ලැබුවේ වංචාවෙන්.
ඇති ඔයින් ගියා... අනික් මැච් එක තහනම් නොකර. සතුටුයි කොන්ද පන තියන නායකයෙක් හිටියා
නියම සිංහල කොල්ලෙක්. ඔහොම තමයි ඉන්න ඒන..
තරගය දිනලා පෙන්නන්න ලංකාවෙ හයිය.
අසාධාරණයට එරෙහිව නැගී සිටීම. ගොඩක් හොදයි මහේල..
අසාධාරණයට විරුද්ධව කතා කරන්න එතනදි වත් අයිතියක් නැද්ද?
සුද්ධන්ට ඔළුව නවන්න එපා.
අපි හැමෝම ඔබත් එක්ක.
නායකතුමනි, අපේ ආචාරය..
අර්ජුන වගේම විශිෂ්ඨ නායකයෙක්..
නියමයි . ඔහොම යං...