IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහේල (59) - සෙවැග් (95*) දිල්ලි පිලට පළමු ජය ගෙනෙති

විරේන්ද්‍ර සෙවැග් (නොදැවී 95) සහ මහේල ජයවර්ධන (59) විශිෂ්ට පිතිහරඹයක් දියත් කිරීම නිසා ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 28 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (21 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලූ 9 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් විය.

දිල්ලි පිල මේ දක්වා සහභාගි වූ තරග හතේදී ලැබූ පළමු ජය මෙය වන අතර ඉතිරි තරග හයම පරාජයට පත්විය.

දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන සහ විරේන්ද්‍ර සෙවැග් ලකුණු 151 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට දැවැන්ත අඩිතාලමක් දැමූහ.

මහේල ජයවර්ධන පන්දු 43 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය. විරේන්ද්‍ර සෙවැග් පන්දු 57 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් රැස් කළේය.

මුම්බායි පිල නියෝජනය කළ ලසිත් මාලිංග  ඕවර 4 කදී ලකුණු 26 කට මහේල දවා ගත්තේය. 

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 161 (සචින් තෙන්ඩුල්කාර් 54, රෝහිත් ශර්මා 73, කිරන් පොලාඞ් නොදැවී 19, උමේෂ් යාදේව් 31/2)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල  ඕවර 17 කදී කඩුලූ 1 ට 165 (මහේල ජයවර්ධන 59, විරේන්ද්‍ර සෙවැග් නොදැවී 95)

 



අදහස් (0)

මහේල (59) - සෙවැග් (95*) දිල්ලි පිලට පළමු ජය ගෙනෙති

යොහාන් Monday, 22 April 2013 10:52 AM

යන්තම් අද බේරුණා... (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 05:33 PM

මහේල වටිනාම නායකයෙක් (නි)

:       0       0

යොහාන් Sunday, 21 April 2013 06:36 PM

අදනම් අපේ පරණ ලොක්කගේ ටීම් එක දිනයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site