විරේන්ද්‍ර සෙවැග් (නොදැවී 95) සහ මහේල ජයවර්ධන (59) විශිෂ්ට පිතිහරඹයක් දියත් කිරීම නිසා ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 28 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (21 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලූ 9 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් විය.

දිල්ලි පිල මේ දක්වා සහභාගි වූ තරග හතේදී ලැබූ පළමු ජය මෙය වන අතර ඉතිරි තරග හයම පරාජයට පත්විය.

දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන සහ විරේන්ද්‍ර සෙවැග් ලකුණු 151 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට දැවැන්ත අඩිතාලමක් දැමූහ.

මහේල ජයවර්ධන පන්දු 43 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය. විරේන්ද්‍ර සෙවැග් පන්දු 57 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් රැස් කළේය.

මුම්බායි පිල නියෝජනය කළ ලසිත් මාලිංග  ඕවර 4 කදී ලකුණු 26 කට මහේල දවා ගත්තේය. 

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 161 (සචින් තෙන්ඩුල්කාර් 54, රෝහිත් ශර්මා 73, කිරන් පොලාඞ් නොදැවී 19, උමේෂ් යාදේව් 31/2)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල  ඕවර 17 කදී කඩුලූ 1 ට 165 (මහේල ජයවර්ධන 59, විරේන්ද්‍ර සෙවැග් නොදැවී 95)