මහරගම නගරයේ පිහිටි රෙදිපිළි වෙළෙඳහලක අද සවස ඇති වූ ගින්නක් නිවීමට දෙහිවල ගල්කිස්ස සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන හමුදාව දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවිය.
මහල් පහකින් යුත් එම ගොඩනැගිල්ලේ තෙවන මාහලයේ මෙම ගින්න හටගෙන ඇති බවත් මේ හේතුවෙන් මහරගම දැඩි වාහන තදබදයක් ද පවතින බවත් පොලිසිය සඳහන් කරයි.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය සැකකරයි. ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුවූ බව වාර්තා වී නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් විශාල ඒවගේම දියුණු නගරයක් වෙලත් මහරගම නගර සභාවට ගිනි නිවීමේ එකකයක් නෑ කියන එක ගැන හිටපු සභාපතිවරු ලජ්ජා විය යුතුයි...
මහරගම නගර සභාවට ගිනි නිවීමේ ඒකකයක් නැත. ගින්න මැඩ පැවැත්වීමට ගෙන ආවේ ශ්රී ජයවර්ධනපුර නගර සභාවේ ගිනි නිවන හමුදාවයි. මේ තරම් විශාල දියුණු නගරයක් වන මහරගමට ගිනි නිවන ඒකකයක් නොමැති වීම ගැන නගර සභාවේ හිටපු සභාපතිවරුන් ලජ්ජා විය යුතුයි.