අනියම් බිරිය බව කියන කතකගේ දොලොස් හැවිරිදි දියණිය කෙළෙසීයයි ප‍්‍රශ්න කිරීම සඳහා පසුගිය  25 වැනිදා සිට සොයමින් සිටි මහරගම නගර සභා  මන්ත‍්‍රී සමන් පද්මසිරි සේනාධීර (සන්ධාන) නීතිඥයකු මාර්ගයෙන් ඉරිදා රාත‍්‍රියේ අතුරුගිරිය පොලිසියට බාරවිය. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.