ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සමිති එකමුතුව අද මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
ඔහු හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ හිතවත්කම මත බඳවා ගැනීමේ පටිපාටියෙන් තොරව පත් කර ඇතැයි ද උද්ඝෝෂකයෝ පැවසූහ.
ගුරු විදුහල්පති සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා කීවේ ජාතික අධ්‍යාපන ආයතනයේ වංචා දූෂණ රැසක් සිදුවී ඇති බවයි.
‘ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධ මීගොඩ අධ්‍යාපන ආයතනයේ තිබුණු පරිගණක මධ්‍යස්ථානය විනාශ කර අලුතෙන් එකක් විශාල වියදමක් දරා සකස් කළා. එහි දූෂණ වංචා රැසක් සිදු වී තිබෙනවා. අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා කාලය අවසන් වුවත් තවම බලයේ ඉන්න උත්සාහ ගන්නවා. ‘
මේ ගැන කළ විමසීමක දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය බේරත්න බණ්ඩා මහතා කීවේ මෙම තනතුරට අධ්‍යාපනඥයන් පත් විය යුතු නැති බවයි. මීගොඩ පරිගණක මධ්‍යස්ථානය සැකසීමේ දී වංචා දූෂණ සිදුවී නැති ය ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහරගම අධ්‍යාපන ලොක්කාටත් යන්න කියයි
මහේෂ් Wednesday, 21 January 2015 11:46 AM
යහපාලනයක් ගිනියන කොට ඒක නැති කරන්නේ ඒ යහපාලනයෙන් පහර වැදුන දේශපාලකයෝ.(හේ)