ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්... සම්පූර්ණ නම: ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා උපන්නෙ කොහෙද?: බලන්ගොඩදී වයස: අවුරැදු 21 යි සමත් විභාග: සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙන ගත් පාසල: බලංගොඩ ශාන්ත ඇග්නට් සහ ශිෂ්‍යත්ව සමත්ව මීගමුව නිව්ස්ටඩ් ලග්නය: කුම්භ ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: පවුලේ විස්තර ? අම්මා, තාත්තා, අයියා, නංගි උසස් පෙළ සමත් කිව්වා නේද ? ඔව්. එතැනින් එහාට අධ්‍යාපනය නොකළේ ? සරසවි වරම් දක්වා සුදුසුකම් තිබුණා. ඒත් එදා ඉඳලම සරසවිය මට එතරම් ප්‍රියජනක වුණේ නැහැ. සරසවි උනන්දුව තිබුණේ නැහැ. ඇයි ඒ ? දන්නේ නැහැ. මොනවගේ උනන්දුවක්ද තිබුණේ ? කුඩා කාලයේ ඉඳලම චිත්‍රපට නරඹන්න ආසා කළා. ලොකු වෙද්දි ගුවන් සේවිකාවක වෙන්න හිතුණා. ඔෆිස් ජොබ් එකකට කවදාවත් කැමති වුණේ නැහැ. ගුවන් සේවිකා සිහිනය ? ඒක දැන් නැහැ. දැන් ගුවන් සේවයට යන්න බැරිද ? බැහැ කියලා හිතෙනවා. ඔබට එක අරමුණක් නැහැ වගෙයි ? අරමුණක් නැතිව කාටවත් වැඩ කරන්න බැහැ. මොකක්ද අරමුණ ? අහම්බෙන් ආපු රඟපෑමේ ගමන හොඳට කරමින් මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි අරමුණ. ඒ කියන්නේ ජනප්‍රියත්වය ආභරණයක් කරගෙන කටයුතු කිරීම ද ? මට ජනප්‍රිය උණ රෝගය නැහැ. ඒක එහෙම අයගෙන් අහන්න. සමහර අය ආව ගමන් පිපිරිලා යනවා. ඊට පස්සෙ හිටපු තැන් සොයා ගන්නත් බැහැ. මම ඒ රුල්ලෙ කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ඔබ වඩා ජනප්‍රිය චරිතයක‍්ද ? කොහෙත්ම නැහැ. සාමාන්‍ය පිරිසක් දන්න හඳුනන කෙනෙක්. ඔබගේ තරමට අනුවද වැඩ කරන්නේ ? ඔව්, අනිවාර්යෙන්ම එහෙමයි. එතකොට රඟපෑම වෘත්තිය නොවේද ? වෘත්තියම නෙවෙයි. මගේ හීනය සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. නමුත් දැනට රංගනයට උපරිම කැපවීම කරනවා. කැම්පස් යන්න හැමෝටම වරම් ලැබෙන්නෙ නැහැ. ඒක පිනක්. ඔබ ඒ පිනට පයින් ගහලා කිව්වොත් ? ඒ පරිසරය ගැන පොඩි කාලයේ ඉඳලම මට පැහැදීමක් තිබුණෙ නැහැ. දෙමාපියන් හරස් වුණේ නැද්ද ? කිසිදේකට මට බල කළේ නැහැ. අපට යහපත් මාර්ගය කියලා දුන්නාට අපේ ජීවිතවලට සීමා දැම්මෙ නැහැ. ඒ කියන්නෙ ඉගෙන ගෙන පිළිගත් තනතුරක් අවශ්‍ය නැහැ කියන එකද ? මේ ලැබුණු දේට මම උපරිමව ගරු කරනවා. ඒ වගේම කැපවෙනවා. සිරස කුමරියගෙන් පසුව, රංගනයට, ඊ ළඟට දැන්වීම්වලට පෙනී සිටි ඔබ තරු වැඩසටහන්වලට අමතරව වැඩසටහන් නිවේදනයටත් එක් වුණා ඊළඟට මොනවද කරන්නෙ? මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ? දැනට එච්චරයි. ඒ සියල්ල හොඳින් කළා කියලා හිතෙනවද ? දන්නෙ නැහැ. ලැබුණු දේ උපරිමයෙන් කළා. මේ සියල්ල කරන්නෙ මුදල් මුල් කරගෙනද ? මුදල් අවශ්‍යයි. ඒත් මුදල් මුල් කරගෙනම නෙවෙයි. මම කාටවත් මේ දක්වා අත පාලා නැහැ. ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වෙනවා. ඔබ හරි මුරණ්ඩුයි නේද ? ටිකක් විතර. ඇයි එහෙම වෙන්නේ ? ඒ මගේ හැටි. ඇත්තටම ඔබ කවුද ? මම ශලනි. කොහොම කෙනෙක්ද ? මගේ පිටතින් එකක්. ඇතුළාන්තයෙන් එකක් කියලා දෙබිඩි ජීවිතයක් නැහැ. මවා ගත්ත ලෝකයක් නැහැ. ඉක්මනට කේන්ති යනවා. ඒ මොහොතේදීම සෑම දෙයක්ම විසඳගන්නවා. තරුණියක ලෙස සම්මතයට අනුව ජීවිතය ගෙවනවා කියලා හිතෙනවාද ? අසම්මත දේවල් කරලා නැහැ. ආදරේ දී වුණත් එහෙමද ? ඔව්. පෙම්වතුන් කීප දෙනෙකුට එකවර ආදරය කිරීම ? මට එහෙම පහත් මානසිකත්වයක් නැහැ. යම්කිසි කෙනෙකුට හිත ගියොත් ගියාම තමයි. එතකොට මම එයාට උපරිමයෙන් ආදරය කරාවි. ළඟදී විදෙස් සංචාරයකට යනවා නේද ? ඔව්, කොරියා සහ ලන්ඩන් යනවා. මොකටද ? නර්තන සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වෙන්න. සංගීතයත් පුළුවන්ද ? තරමක් දුරට. සිහින පියාපත් "මිහිරංගි" ගැන ඔබට හිතෙන්නේ කොහොමද ? ලොකු වෙනසක්. හැබැයි ඒ මම නෙවෙයි. මම කළ වෙනස්ම චරිතයක්. මට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තූතියි කියලා කියන්න කැමතියි.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිහිරංගි...
මධු Saturday, 07 July 2012 12:01 PM
ඔයාගේ මහා ඔලුව
ප්‍රසාද් Tuesday, 07 February 2012 09:09 AM
කට වැඩියි නේද?
නිත්‍යා Wednesday, 09 January 2013 11:42 AM
ආඩම්බර පාටයි (ස)