බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා මහතා මහර එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අද (26) සභා ගැබේ දී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.
මුලසුනේ සිටි පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරලගේ මහතාගේ නියමයෙන් එම පුවරු ඉවත් කැරිණි.
![DSC_4615[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC_46151.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සු,ඔක්කොම නටන්නේ පිස්සූ..... (නි)
මොකක්.... ඒ ජා ප වෙනුවෙන් නිදහස් සන්ධානේද උද්ඝෝෂණ කරන්නේ... එ්කත් මරු (බ)
මෙද් සේරටම දැන් පිස්සු (ම)
කොහොමද යහපාලනයේ සැබෑ වෙනස? ඔවුන් වෙනුවෙන් මොවුන් .... මොවුන් වෙනුවෙන් ඔවුන්... (නි)
ජෝර්ජ් පෙරේරා මහතා හොඳ මහත්මයෙක් බව නම් මා පෞද්ගලිකව දන්නවා. එතුමාගේ පුදුම සහජ හැකියාවක් තියනවා යම් කිසි කෙනෙක් එතුමා එක්ක කතා කලොත් ඔහුව මතක තබා ගැනීම, මග තොටදී හමුවුනත් කොහොමද කියලා නමින් කතා කරනවා. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මිනිසුන් සමග ගැටෙමින් අඩු පාඩු සොයා බලන මහත්මයෙක්..එවන් ගමේ ගොඩේ ඕනෑම තැනකට ගොස් මිනිසුන් සමග සුහදව කතා බහ කිරීමට දක්ෂ කඩිසර මහත්මයෙක්, ඔබ නැතුව මහර ආසනය වැඩක් නැහැ,, ඔබට සුබ අනාගතයක්...(හේ)
මෙතුමා දිගටම තියාගත්තොත් තමා සන්ධානෙට ආයෙත් මහර දිනන්න පුළුවන්. යූ එන් පී එක පහුගිය මතක ඇති කාලෙක මහර ආසනය දිනලා නැහැ. ඒකයි සන්ධාන කට්ටිය මෙච්චර ආදරේ ජෝර්ජ් මහතාට. (නි)
ඔව් අපේ මනාපයත් එතුමාටයි. ජය වේවා! (නි)
අපිත් සන්ධානේ තමයි. අපේ එකම ඉල්ලීම ජෝර්ජ් පෙරේරා මහතා නැවත පත් කරන්න (බ)
හොඳ අයට පක්ෂ භේදයකින් තොරව කවුරුත් කැමතියි (නි)
ඔහුගේ දේශපාලන මතවාදයට මා එකඟ නොවුණත් ඔහු හොඳ මහත්මයෙක් බව නම් මා පෞද්ගලිකව දන්නවා. (නි)