(තිලකරත්න දිසානායක)
මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්ස කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතර තුර පොලිසි සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී එම සැරයන්වරයාට තුවා ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මල්වතුහිරිපිටිය නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම වාහනයක් පරීක්ෂා කරමින් සිටින අතර තුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.
එම ත්‍රිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේදී ඔහු පැන යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය හා පොරබැදීමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ ගිනි අවිය පතු වී ඇතැයි පොලිසිය කියයි. කෙසේ වූවද අදාල සැකකරු පත්තු වූ ගිනි අවියද රැගෙන ත්‍රිරෝද රථයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලත් සැරයන්වරයා ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
231
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙහෙයුම අස්සේ සැරයන්ට වෙඩි:සැකකරු පොලිස් අවියත් අරන් පනී
හොරා පොලිස් Saturday, 10 February 2024 08:36 AM
අහවල් තැනින් හිනා!!
ලුම්බිණි Saturday, 10 February 2024 09:18 AM
හතර බිහිරි කතාවක්...!
පැරකුම්Saturday, 10 February 2024 01:23 PM
ඇයි එහෙම කියන්නේ. සැරයන්ගෙ බැංකු ගිණුම බලන්න. ලොකු ගාණක් වැටිලා ඇති….!
Prabha Saturday, 10 February 2024 01:29 PM
ගිනි අවිය පත්තු වුණ ගමන් අනිත් රාළහාමිලා පැනලා දුවන්න ඇති...
Roshan Saturday, 10 February 2024 03:10 PM
පොලිස් කාරයන්ට වෙඩි තියන්න බෑ බන්...
PATTA hora Saturday, 10 February 2024 04:31 PM
Script එක අවුල් වගේ. තුවක්කුව ඔය අහල පහල පඳුරක් අස්සේ ඇති. අපි නොදන්න සාලාමිලා...