IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


”මහමෝදර වාට්ටුවේ ප‍්‍රශ්නේ ඉවරයි”

ගාල්ල මහමෝදර නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට ළමයින් ඇතුළත් කිරීම සීමාකර ඇතැයිද මේ වනවිට ප‍්‍රතිකාර ලබමින් සිටින ළදරුවන් කිසිවකුට සෙප්ටසීමියා ලේ විසවීමේ රෝගය වැළඳී නැතැයි මහමෝදර රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඩබ්.ඒ.යූ.කේ. කපිලානි මහත්මිය පවසයි. වෛද්‍යවරිය පවසන්නේ මේ වනවිට ළදරුවන් 13 දෙනකු මහමෝදර රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි. ආසාදන තත්ත්වයක් ඇති වූ බැවින් එය පාලනය කිරීමේ එක් උපක‍්‍රමයක් ලෙස දැඩි සත්කාර අත්‍යවශ්‍යම නොවන දරුවන් එම ඒකකයට ඇතුළත් කිරීම පාලනය කර ඇති බව ද දකුණු පළාතේ ඇති හොඳම ළදරු දැඩි සත්කාර ඒකකය වන මෙම ඒකකය වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බව ද වෛද්‍ය කපිලානි කියන්නීය. තවලම බිළිඳකුගේ මරණයට හේතුව ලේ විසවීම නොවන බව කියන ඇය එම මරණයට හේතුව ස්නායු සහ පේශිවල ආබාධයක් බව කියන්නීය. පෙබරවාරි 1, මාර්තු 7 අතර බිළිඳුන් 15 දෙනකු මියගිය බවත් ලේ විසවීමෙන් මරණයට පත්වුයේ 4ක් පමණක් බවත් වෛද්‍යවරු පවසති.



අදහස් (0)

”මහමෝදර වාට්ටුවේ ප‍්‍රශ්නේ ඉවරයි”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 728 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site