විෂබීජයක් පැතිරී යෑම නිසා ගාල්ල මහමෝදර රෝහලේ බිළිඳුන් හය දෙනෙකු දෙසතියක් ඇතුළතදී මියගිය බව වෛද්‍යවරු කියති. අසනීප වූ තවත් ළදරුවන් විසිදෙනෙක් ප්‍රතිකාර ලබති. ඉන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටිති. මහමෝදර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පැවසුයේ කරාපිටිය රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂ ඇත්දැයි පරීක්ෂණ අරඹා ඇති බවයි. මේ විෂබීජය ක්ලෙබ්සිඑල්ලා යනුවෙන් හඳුනාගෙන ඇත. ක්ලෙබ්සිඑල්ලා බැක්ටීරියාව බහුල වශයෙන් රෝහල්වල ඇතිවනුයේ නියුමෝනියාව නිසාය. රෝගීන්ගේ ලේ සමග පිටවන සෙම මෙම බැක්ටීරියාව වර්ධනය කිරීමට හේතුවේ. මෙම බැක්ටීරියාව දෙවැනි වනුයේ ඊකෝලි බැක්ටීරියාවටය. ක්ලෙබ්සිඑල්ලා බැක්ටීරියාව පෙරට වඩා ඉක්මනින් පැතිරයතියි ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ කියති. ඊට හේතුව වනුයේ පෙරට වඩා එම බැක්ටීරියාව ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගෙන ඇති නිසා යැයිද වෛද්‍යවරු පවසති. ඇන්පිසිලින් හා කාබනිසිලින් වැනි ප්‍රතිජීවක ඖෂධවලට ද එම බැක්ටීරියාව ඔරොත්තුදීමේ හැකියාව හිමිකරගත් අවස්ථා ඇතැයි ද ඔවුහු කියති. හැමතැනකම පැතිර පවතින මෙම බැක්ටීරියාව මුත්‍රමාර්ගයේ ආසාදන, නියුමෝනියාව ,ලේ විස වීම, මෘදු පටක ආසාදනයනට හේතුවෙතියි වෛද්‍යවරු පවසති. වස්කඩුවේ නිවුන්දරුවන් දෙදෙනෙක්ද මේ සිද්ධියෙන් මරුමුවට පත්වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්ස්රේ නැතිව රෝහල් ලෙඩ වෙනවා, ගුණාත්මක තත්ත්වයේ බෙහෙත් නැති නිසා මව්වරු මිය යනවා, ඒ මදිවට බිලිදුන් මිය යනවා. ....... මෙතනින් එහාට මොනවත් කියන්න බැ මට ........................................
රෝහලේ පරිපාලනය මේ විනාශයට වග කියන්න ඕන. කොතරම් අපරාධයක්ද මේ.
අයියෝ.. එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනකොටම මේක ගැන හොයන්න පටන් ගන්න තිබුණනේ. මේ අම්මලට කොච්චර දුකද?
බොහොම කණගාටුදායක තත්ත්වයක්.. ඉදිරියට මේවගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතුයි.
ලංකාවේ සෞඛ්‍ය සේවය ගන්න දෙයක් නෑ..
රජයෙන් තටාක, පිට්ටනි ආදිය හදන්න කොපමන මුදලක් වියදන් කරනවද, ඇයි රෝහල්වල පහසුකම් වැඩි දියුණු නොකරන්නේ?
අපොයි දෙයියනේ, දස මාසයක් කුසේ තියාගෙන බලන් හිටපු අහංසක අම්මලාගේ බලාපොරොත්තු?
මේ මිය යන්නේ හෙට දවසේ අනාගතයයි. ජනපතිතුමනි මෙය ඔබගේ අවධානයට යොමු කරන්න..
සමන්තගේ කථාව හරියට හරි
බොහොම කණගාටුදායක තත්ත්වයක්..