IMG-LOGO

මෙහෙමත් රටක්

(ප්‍රියන්ත ජයලත්)

ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි පුද්ගලයකුගෙන් වැසිකිලි පහසුකම් ලබා දී රුපියල් 100 ක මුදලක් අය කරමින් වංචනික ලෙස මුදල් සුරාකෑමේ පුවතක් හෝමාගම ගොඩගම ප්‍රදේශයෙන් වාර්තා වේ

වාර්තා වන අන්දමට සිද්දිය මෙසේය

ත්‍රීරෝද රථ රියැදුරක් සිය ත්‍රිරොද රථයේ ඉන්ධන අවසන් වීම නිසා හෝමාගම ගොඩගම පාදුක්ක පාරේ තිබූ ඉන්ධන පිරවුම්හලක පෝලිමකට ගොස් ඇත.

දින ගණනක් සිටියදී එසේ එහෙම සිටියදී එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් වීම නිසා නැවත ඉන්ධන ලැබෙන තෙක් ඔහුට දින දෙකක් එහි රැඳී සිටීමට සිදු වී ඇත .

එසේ සිටියදී එම පුද්ගලයාට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති වී තිබේ .

ඔහු එම අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා ඒ අසල තිබූ වෙළඳ සැලකට ගොස් ඔහුගේ අවශ්‍යතාවය පවසා ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන මෙන් වෙළඳසැල් හිමියාගෙන් ඉල්ලීමක් කර තිබේ .

එහිදී වෙළඳසැල් හිමියා එම වෙළඳසල පිටුපස තිබූ වැසිකිලිය පෙන්වා ඔහුගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇත .

ඒ අනුව එම පුද්ගලයා ඔහුගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමෙන් අනතුරුව වෙළඳසැල් හිමියාට ස්තුති කර යාමට සූදානම් වූ අවස්ථාවේ‍ෙ වෙළඳසැල් හිමියා එම පුද්ගලයාගෙන් වැසිකිලිය පාවිච්චි කරාට රුපියල් 100 ක මුදලක් ඉල්ලා ඇත .

එහිදී ඔහුට දෙවියෝ සිහි විය . ගිය දේ නැවත ගැනීමට නොහැකි යැයි සිතමින් වෙළඳසැල් හිමියාට රුපියල් 100 ක් දී වෙළඳසැලෙන් පිටව ගියහ

 



අදහස් (0)

මෙහෙමත් රටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site