වයස අවුරුදු 14ක් වූ තම දියණිය සලෙලුනට විකිණූ බව කියන මවක් ජුනි 18 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තගේ මහත්මිය නියෝග කළාය.
කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි මහත්මිය ප්‍රදේශයේ පාසල් රැසක සිසු සසුවියන් දැනුම්වත් කරන ලෙස සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් පසු මෙම සිදුවිට තමාට වූ අතවරය පිළිබඳ දැනුම්වත්වී පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.
පසුගිය වසරේ සිටම මව දැරිය මුදලට විකුණා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා කියලා ඇති සෙතේ මොකක්ද? වෙන්න ඕනෑ දේ වෙලා ඉවරනේ. ඉදිරියට තව කෙනෙකුට මෙවැනි දේ නොවෙන්න වගබලා ගන්න! (නි)
මේ ම්ලේච්ඡ ක්‍රියා අපේ රටට අල්ලපු රටෙන් කුලමල භේදය සමඟ ලැබුනු දායාදයක් කියලයි මම නම් හිතන්නේ (නි)
පොලිසිය කලේ ලොකුදෙයක්. ගුරුවරියන් දැරියන් දැනුවත් කල යුතුය. මේ අහිංසක ලමයව රජයෙන් බලා ගනී සිතමි. (නදී)