මධ්‍යම පළාත් විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා වැරැදකරුවන් වූ හත් දෙනාට මහනුවර මහාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා සිර දඬුවම්, වන්දි හා දඩ නියම කළේය.
2002 පෙබරවාරි 1 හා මැයි 20 අතරදී ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම හා ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදිකරුවෝ වූහ. මේ සිද්ධියෙන් අඹන්වලගේ ඇසක් ද අහිමි විය.
හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද මුණසිංහ, ප‍්‍රධාන ගණනාධිකාරී ආනන්ද වීරසිංහට බරපතල වැඩ සහිතව දස වසර බැඟින් සිර දඬුවම් ද, රුපියල් දෙලක්ෂය බැගින් දඩද නියම විය. මේ අනුව දෙදෙනකුට දඩ වසර බැඟින් ද, පස් දෙනකුට වසර 30 බැගින් ද සිරදඬුවම් නියම විය.
ඇසිඩ් ගැසූ ව්‍යාපාරික මොහොමඩ් රාපික් මොහොමඞ් රියාස් 3, 4, 5 සහ චෝදනාවලට වැරදිකරු විය. ඔහු එක් චෝදනාකට අවුරුදු 20 බැගින් අවුරුදු 80 සිරදඬුවම් නියමවිය. එහෙත් එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදී විසි වසරින් ගෙවී යයි. එක් වරදකට රුපියල් රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ අටක දඩයක් ද නියම විය. දඩ නොගෙවන්නේ නම් අවුරුදු දෙක බැඟින් අවුරුදු අටකින් සිර දඬුවම දික්වෙයි.
මීට අමතරව ලලිත් අඹන්වල මහතාට රුපියල් ලක්ෂ 50 ක වන්දි ගෙවන ලෙස මොහොමඩ් රාසික් මොහොමඩ් රියාස්ට නියෝග කළ විනිසුරු වන්දිය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව වසර අවුරුදු තුනක් ඒ වෙනුවෙන් ගෙවීමට නියම විය.
හුසේන් සෙයියදු මොහොමඩ් සාපිට 7 වැනි සහ 8 වැනි චෝදනා වලට වැරදිකරු කරමින් අවුරුද් 20 බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ දෙක බැඟින් දඩ ද නියම විය. එම දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් වසර හතරක සිර දඬුවම් ගෙවීමට සිදුවෙයි.
ඔමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඞ් නිව්ෆර්, එම්.ජේ. මොහොමඩ් රියාල් ඉස්රූම් රාමන් දෙ වැනි චෝදනාවන්ට වැරදිකරු කරමින් වසර 20 සිර දඬුවම් ද, රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම විය. දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ගෙවීමට සිදුවේ.
මොහොමඩ් හනිපා මොහොමඞ් ඉමිටියාස්ට දෙවැනි වැනි චෝදනාවට සහ හත්වැනි චෝදනාවට වැරදිකරු විය. එක් චෝදනාවකට වසර විස්ස බැඟින් වසර හතළිහක බරපතල වැඩ සහිතව සිරදඬුවම විසි වසරකින් ගෙවි යන පරිදී නියම කෙළේය. එක් චෝදනාවකට ලක්ෂ දෙක බැඟින් ලක්ෂ හතරක දඩ ද දඩ නොගෙවන්නේ නම් අවුරුද හතරක සිරදඬුවමක් ද නියම විය.
අඹන්වලට ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම, ඇසිඩ් ගසා මරණයට පත් කිරීමට තැත් කිරීම ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදි කරුවෝ වූහ.
3, 4, 5, 6, 7 විත්තිකරුවනට ඉහත දඬුවම් වලට අමතරව පළමු චෝදනාව යටතේ වසර 10 බැගින් වූ සිර දඬුවම් ද සහ එම චෝදනාවට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ද නියම කෙළේය.
රජයේ මුදල් ද යහ පාලනය ද රැක දීමට ගොස් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ තමාට යුක්තිය ඉටුවීම ගැන සතුටු වන බවත් එක ඇසක් පමණක් හිමි තමා ඉදිරියේදී රාජකාරී කරන බවත් ඒ ඇස ඇස් හයකට සමාන බවත් නඩු තීන්දුවෙන් පසුව අඹන්වල මහතා මාධ්‍ය අමතමින් කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙත් අයටත් මේ විදියට යුක්තිය ඉෂ්ට වෙනවනම් හොඳයි. (ස)
රජයේ නිලධාරීන් විශ්වාසයි. (ස)
දඬුවම බරපතල මදි. මීට වැඩිය දඬුවමක් දෙන්න ඕනේ. (ස)
කළ අපරාධයට ඔය මදියි. රටේ සමාජයට යහපතක් කළ මනුස්සයාට කළදේට අවීචි නිරයේ පැසවනවා වගේ විදවපල්ලා. (ස)
කාඩ්බෝඩ් වීරයන් අතර මෙතුමා මහජන මුදල් සොරකමට එරෙහි වූ නියම ජාතික වීරයෙක්. (නි)
වෛරය , ක්‍රෝධය හා ද්වේෂය නමැති මාරයින් පැරදවීමට ශක්තිය ඇති සිත් ලැබීමට අප පින්වත් විය යුතුයි. එවන් මිනිසුන් ලොව ඇත්තේ අල්ප වශයෙනි. (ස)
කවුද මේ හොරා? පළමුවැනි විත්තිකරු මොහු නම් යවන්න කෙළින්ම එල්ලුම් ගහට. (නි)
නියම දඩුවම ...නියම තීන්දුව (ස)
අසිඩ් ගැසීමට හේතුව කුමක්ද ? කෙසේවෙතත් දඩුවම මදි . (ස)
බලන්න අඹන්වෙල මහත්තයා දිහා. මේ විදියට මිනිසුන්ට වද දෙන අය මිනිසුන් නෙවෙයි.නීතියෙන් දඞුවම් ලැබුණා.ඒත් ස්වභාව ධර්මයෙන් ලැබෙන දඞුවම මීට වඩා දරුණු බව හිතාගත්තොත් හොඳයි. (ස)
මොනවා වුණත් අඹන්වෙල මහත්තයට නැතිවුණ දේවල් හම්බ වුණේ නැනේ.....පව්.... (ස)
මරණ දඩුවම දිය යුතුයි (ස)
සියලු වැරදි කරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුයි (ස)
මහජන මුදල් කෝටි ගණන් ගිලදමපු අයට මේ රටේ දෙන සැප සිහිවන විට, රජයේ දේවල් ආරක්ෂා කිරීමට ගොස් ඇසිඩ් පහර කා අනන්ත දුක් ගැහැට විඳි මේ එඩිතර රාජ්‍ය සේවකයාට සාධාරණය ඉටු වීමට ගත වූ කාලය ගැන සෑහීමකට පත් විය නොහැක. (නි)
ශ්‍රේෂ්ඨ තීණ්දුවක්. මේ විනිසුරුතුමාගෙන් වැරදිකරුවන්ට කවදාවත් කිසිම සමාවක් නැහැ. (නි)
මෙයාලටයි ඇසිඩ් ගහන්න ඕනි (ස)
මෙම විත්තිකරුවන්ට දී ඇති දඩුවම ඉතා ලිහිල් බව මම සිතමි. (නි)
විශිෂ්ට රාජ්‍යසේවයක් කරද්දී සේවකයන්ට වෙන අසාධාරණකම් වලදී අධිකරණය ගන්නා වූ නිර්භීත වූ තිණ්දු වලින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකරන්න පුලුවන්. (නි)
අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
දැන් ඉතින් ඊලඟට ඇපෑලක් යාවි, ඒකෙන් මොනව වෙයිද කියල තමයි බලන්න වෙන්නෙ. (ස)
මේ වගේ අයට මෙහෙම දඩුවම් දීලා මදී (ස)
දුන් තීන්දුව නම් නියමයි (ස)
මට හිතෙන්නෙත් දඬුවම බරපතල මදි. මේ විදිහටම රජයේ නිලධාරී හොරු ටිකකටත් සොයල දඬුවම් දෙන්න තිබුනානම්..... (ස)
වැරදිකරුවන්ට දුන් දඩුවම අනෙක් අයටත් හොද පාඩමක් වේවි (නි)
ඔබතුමාට නීරෝගී සුවය පතමු. (නි)
හොඳ තීන්දුවක් (ස)
සාධාරණ යුක්ති සහගත තීන්දුවක්. ලංකාවට හිරු උදාවුණ සුන්දර දවසක්. (නි)
ඇසිඩ් ගහපු අයට දුන්නු දඩුවම මදි. එල්ලන්නයි තියෙන්නේ. (නි)
වසර දහයකට පසුව හෝ සාධාරණ තීන්දුවක් ලැබීම පිළිබදව අධිකරණයට ගරුකරමු. (නි)
අපේ ලංකාවෙත් සාධාරණ නඩු තීණ්දුවක් .............අහන්න ලැබීම සතුටක් (ස)
අපරාධකරුවන්ගේ පරම්පරා වලටද හොදක් නොවිය යුතුයි. (නි)
මරණ දඩුවම දෙන්න තිබුණා (ස)
තීන්දුවට හා අධිකරණයට මාගේ ප්‍රණාමය (ස)
අපේ රටේ මේවාගෙ ඇසිඩ් ගැසීම් නිතර නිතරම සිද්ධවෙනවා. බොහෝදෙනෙක් දන්නෙ නැහැ මේ වෙලාවෙ කරන්න තියෙන මුල් පියවර. කලුතර කෑගල්ල රත්නපුර වගේ රබර් කිරි කර්මාන්තය කරන දිස්තික්කවල රෝහල්වලට දවසට අඩුමගානෙ එක්කෙනෙක්වත් ඇසිඩ් ගහල එනවා. මේ රෝගීන් ඉස්සරවෙලාම කරන්න ඔනේ අඩුමගානෙ පැයක්වත් වතුරෙ ගිලිල නාන එක. ඒකෙන් ඇසිඩ් වලින් වෙන හානිය සීයට අනූවක් අඩුවෙනවා. ඊට පස්සෙ රෝහලට ඇවිල්ලා බෙහෙත් ලබාගන්න පුලුවන්. (දී)
මේක තමයි ලෝකයේ තියෙන ඉහළම හොද මිනිස් කොට්ඨාශය වසන ධර්මද්වීපය. (නි)
ඇයි මිනිසුනේ මේ තිරිසන් ගති? මිනිසුන් වශයෙන් ඉපදුනේ ගිය ආත්මෙ පින් කළ නිසා නේද? (නි)
වැරදි කරන අයගේ පවුල් පිටින් උල තියන්න ඕනි (ස)
වැරදි කර සැමදා සැගවිය නොහැක (නි)
මේ කට්ටියට කොහොමහරි සමාවක් අරන් දෙන්න අපේ දේශප්‍රේමී ඇමතිකෙනෙක් මැදිහත් වේවිද? (නි)
නියම දඩුවම (ස)
මහාධිකරණ විනිසුරු මහතාණනි, අපරාධකරුවන්ට නියම දඩුවම් ලැබීම ගැන ඔබතුමාට ස්තූති කරමු. විය යුතු දේ එයයි. (නි)
ආපහු කට්ටියක් පෙළපාළි යයිද? (නි)
දඩුවම නම් මදි. සියලු වැරදිකරුවන්ට ඇසිඩ් ගැසිය යුතුයි. (නි)
විනිසුරුතුමාණෙනි, ඔබට ප්‍රණාමය! මම ද එවකට රාජ්‍ය සෙවයේ නිලදාරිනියක්. හරිම කණගාටුදායක සිදුවීමක් මෙසේ නිම කළාට ස්තුතියි. (නි)
ලලිත් අඹන්වෙල මහතාට මගේ ප්‍රණාමය! (නි)
ඕකනේ කර ගන්න ඕන උනේ
නියමයි . නියම තීන්දුවක් අරන් තියෙන්නේ .අධිකරණය දැන් ස්වාධීන වෙලා. ඒ ගැන සතුටුයි (ස)
කරුණාකර නැවත මෙම සමාජයට ඔවුන් එවන්න එපා. (නි)
මේ වගේ නඩුවක් විශේෂ ඕඩරයක් විදියට ගන්න බැරිද? තීන්දුව හොද වුණත් ගත්ත කාලය වැඩියි. (නි)
මෙවැනි අයට මරණ දඞුවම ක්‍රියාත්මක කරනවානම් හොඳයි. විනිසුරු උතුමාණෙනි, ඔබට ජාතියේ ප්‍රණාමය!!! (ස)
විනිසුරුතුමාට අපේ උපහාරය! මරණ දඩුවම දුන්නා නම් හොදයි. (නි)
වසර දහයකට පස්සේ, මොකටද මේ සල්ලි සහ දඩුවම්, ඇස්දෙකත් අන්ධ උනා නේද ඒ අහිංසක මනුස්සයාගේ, අපේ රටේ අසත්පුරුෂ මනුස්සයෝ (ස)
මේ දඬුවමත් මදි.ඇහැක් නැතිවුණාට පස්සේ ඒ මනුස්සයා මොනතරම් වදයක් විඳිනවා ඇත්ද? ඇස් දෙකම පෙනීලත් ජීවත්වෙන්න බැරි එකේ, තනි ඇහැකින් කොහොමද ජීවත්වෙන්නේ.(ස)
ඉතා හොඳ තීන්දුවක්, නඩුකාර තුමාට අපේ ප්‍රණාමය. වන්දිය අඹන්වල මහත්තයාට ලැබුණානම් හොඳයි. (ස)
මහාධිකරණයට මගේ ප්‍රණාමය! (නි)
මහාධිකරණ විනිසුරු මහතාණනි, අපරාධකරුවන්ට නියම දඩුවම් ලැබීම ගැන ඔබතුමාට ස්තූති කරමු. විය යුතු දේ එයයි. (ස)
මේක ඇවිත් තමන්ගේ වැඩේ අවංකව කරන්න ගිය නිසා තමයි අබන්වල මහත්මයාට ඇසිඩ් පහරක් කන්න වුණේ.මේ රටේ සමහර ජරාව කන රාජ්‍ය සේවකයන්ට මෙතුමා ආදර්ශයක්.නමුත් මට නම් හිතෙන්නේ මේ දීලා තියෙන දඩුවම චූදිතයන්ගේ ඇගට දැනෙනවා මදි කියලා.දඩුවම තවත් වැඩි කළ යුතුයි. (නි)
කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ (ස)
අඹන්වෙල යනු වීරයෙකි. අපි උසාවි තීරණයට ගරු කරමු. (නි)
සැමටම සාධාරණ තීන්දුවක් ලැබෙන්නට ඇත. ඒ සඳහා කාලයක් ගතවීම සාධාරණයි.
මිනිස්සු මිනිස්සුන්ටම මේ වගේ දේවල් කරන්නේ ඇයි (ස)
කරුණාකර නැවත මෙම සමාජයට ඔවුන් එවන්න එපා (ස)
ඇත්තටම හිරේ දානවද ?නැත්නම් මාස තුනෙන් ආපසු ගෙදර ද ? (ස)
ඕවටනම් කිසිම සමාවක් දෙන්න එපා අවුරුදු 50 ට 60 ට හිරේ දාන්න (ස)