IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහනුවර සත්‍යග‍්‍රහ අට්ටාලය නොකැඬේ

පේරාදෙණි සරසවි සිසුන් පිරිසක් මහනුවර දළදා වීදියේ එක් පසෙක අට්ටාලයක් මත පවත්වාගෙන යන සත්‍යග‍්‍රහය මහජන පීඩාවකියි කියමින් එම අට්ටාලය ඉවත් කිරීම සඳහා පොලිසිය කළ ඉල්ලීම මහනුවර මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් ඉවත දැමිණි. සරසවි ඇදුරු වර්ජනයට විසඳුම් දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්නැයි සිසුහු ඉල්ලති. මහජනයාට අවහිරයක් නොවන අයුරින් තනා ඇති මේ අට්ටාලයෙන් මහජන පීඩාවක් වන්නේ කෙසේදැයි මහේස්ත‍්‍රාත් පොලිසියෙන් ඇසීය.



අදහස් (0)

මහනුවර සත්‍යග‍්‍රහ අට්ටාලය නොකැඬේ

නිල්මිණි Thursday, 20 September 2012 01:33 PM

අයියෝ සල්ලි

:       0       0

නිමල් Thursday, 20 September 2012 08:36 AM

ජයලත් වගේ ආත්මාර්තකාමීන්ට මේවා තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

රුවන් Wednesday, 19 September 2012 06:44 PM

මේ අට්ටාලය නිදහස් අධ්‍යාපනයේ රජගෙදර නිර්මානය කරන නිසා.(නදී)

:       0       0

රුවන් Wednesday, 19 September 2012 06:44 PM

මේ අට්ටාලය නිදහස් අධ්‍යාපනයේ රජ ගෙදර නිර්මානය කරන්න මිස දේශපාලව භාන්ඩාගාරයට යන පාර තැනීමට නොවෙයි.(නදී)

:       0       0

සමන් Thursday, 20 September 2012 08:53 AM

පුදුම කතාවක් නේ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 19 September 2012 01:06 PM

ටිකෙන් ටික විරෝධය පාන එකත් නවතන්න වගේ උත්සාහ කරන්නේ. (ස)

:       0       0

ෂාන් Wednesday, 19 September 2012 07:05 PM

යුක්තිය ඉටුවීමට ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සහන් Thursday, 20 September 2012 09:51 AM

වෙලාවකට නිදහස් අධ්‍යාපනයේ නිදහස ඕනෑවට වඩා වෑඩි නිසා තමයි නවක වදය වගේ පහත් ක්‍රියා වලට අද සිසු සමාජය පෙලඹිලා ඉන්නෙ. ටිකක් හරි සල්ලි ගෙවලා ඉගෙන ගත්තා නම් ඔහොම කෑගහන්නෙ නැහැ. නිදහස් අධ්‍යාපනය රැකගන්න කියන අය නොකියා කියන්නෙ කෑම්පස් නැවත අරින්න කියලනෙ. කොටින්ම කියනවා නම් අද පාසල් අධ්‍යාපනය සීමා වෙලා තියෙන්නෙ විභාග වලට හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට පමනයි. අනිත් කාරනය, නිදහස් අධ්‍යාපනේ වරමින් දොස්තරලා වෙන හෙදියො වෙන අයට පොඩි අසාධාරණයක් වුණත් අසරණ රෝගින්ව ඇපේට තියාගෙන වර්ජනය කරනවා. ඒවා ඉතාම නින්දිත වෑඩ වගේම එයාලට කිසිම අයිතියක් නැහැ එහෙම කරන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 07:23 PM

කන්නන්ගර මැතිදුනි, ඔබ කොහිද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 September 2012 07:21 PM

අනේ පවු. හූ හූ හූ... (නි)

:       0       0

සේනානායක Wednesday, 19 September 2012 01:52 PM

ඔහොම ඉන්න දෙන්න. ටික දවසකින් එපා වුනාම බැහල යයි. .(ස)

:       0       0

උපුල් Wednesday, 19 September 2012 07:40 PM

ආණ්ඩුව මෙම ප්‍රශ්නය ගැන දරන ස්ථාවරය හරිම කණගාටුදායකයි (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 19 September 2012 02:06 PM

අනේ පොලිසියේ වැඩ වැඩි කර ගන්න ඔනේ නෑ (අ)

:       0       0

බුද්ධික Wednesday, 19 September 2012 02:08 PM

සේනානායක මහත්තයෝ ඔයත් ඔහොම ඉන්න ටික දවසක් යන කොට ඔයාගෙ දරුවන්ටත් ඉස්කෝළ වලින් බැහල යන්න වෙයි ගාස්තු ගෙවා ගන්න බැරිව.(ස)

:       0       0

සරත් Wednesday, 19 September 2012 02:09 PM

ඇත්ත ඇති සැටියෙන් දකිමු. .(ස)

:       0       0

බුද්ධි Wednesday, 19 September 2012 02:24 PM

හොඳ තීරණයක්.... .(ස)

:       0       0

අම්බලන්ගොඩයා Wednesday, 19 September 2012 09:09 PM

මහේස්ත්‍රත් තුමාට අපගේ උත්තමාචාරය ....

:       0       0

ලාල් ගලබඩ Wednesday, 19 September 2012 09:41 PM

යුද්ධ කාලයට වඩා වේගයෙන් දැන් රට විනාශයට යනවා (නි)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 19 September 2012 03:51 PM

මහේස්ත්‍රාත් වරයාට මාගේ ප්‍රනාමය.. (ස)

:       0       0

ජයලත් Wednesday, 19 September 2012 11:46 PM

මම නම් තීන්දුවට එකඟ නැහැ. මුලින්ම දළදා මාලිගාව ළඟ අට්ටාල ගහගෙන උද්ඝෝෂණය කරන්න දෙන්න හොඳ නැහැ. අනික නුවරට එන්නෙ ගොඩක් විදේශ සංචාරකයො. මෙහෙම හැමෝම හැම තැනම අට්ටාල ගහගෙන විරෝධතා කරන්න පටන් ගත්තොත්? ඇයි මේවා මේ අයට තේරෙන්නේ නැත්තෙ? (නි)

:       0       0

රුවන් Thursday, 20 September 2012 12:16 AM

සේනානායකගේ අන්දෙකම ලොකුවට තියෙනවද?(නදී)

:       0       0

කුමාර Wednesday, 19 September 2012 04:44 PM

මහේස්ත්‍රාත්තුමාට මගේ ප්‍රණාමය! ජය වේවා! (නි)

:       0       0

කංකානම Wednesday, 19 September 2012 04:52 PM

ඇයි එයාලට ස්ථිර තැනක් හදලා දෙන්නෙ නැත්තේ උපවාසයට? (නි)

:       0       0

සමන් Thursday, 20 September 2012 02:50 AM

නුවර වීදි ඉතාම පටුයි. එහෙම වීදි අසළ අට්ටාලයක් තැනූ විට මහජනතාවට බාධා වෙනවා නේද? (නි)

:       0       0

තුෂාන් Thursday, 20 September 2012 03:48 AM

අධ්‍යාපනය සුරකින්න උරදුන් සිසුන්ට එම නඩු තීණ්දුව මහත් අස්වැසිල්ලකි (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Wednesday, 19 September 2012 05:28 PM

සේනානායක මහත්තයා, එයාගේ ළමයින්ට නිදහස් අධ්‍යාපනේ දෙන්න හැදුවොත් එපා කියලා සල්ලි වලින් උගන්නන්න හිතාගෙන ඇති. ඒත් අපි වගේම, අනිකුත් අම්මලා තාත්තලා ගෙවන බදු වලින් ළමයින්ට තරාතිරමක් නොබලා ඉගෙන ගන්න අවස්තාවක් නොලැබේ නම් එය මොන තරම් ඛේදවාචකයක් ද? සේනානායක මහත්තයා හිතාගෙන ඉන්නේ මේ අය ඉගෙන ගන්නේ නැතිව ආසාවට අට්ටාල ගහගෙන ඉන්නවා කියලා. එයාලත් ආසයි මහත්තයෝ ඉක්මනට උපාධිය අරන් ගෙදර යන්න. ඒත් අද පාරට වැටිලා. ඒ පාරට වැටුනේ ඇයි කියලා හොයලා බලන්න එහෙම හිතෙන්නේ නැද්ද. (නි)

:       0       0

නිරාන් Wednesday, 19 September 2012 05:53 PM

නියමයි. (නි)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Wednesday, 19 September 2012 06:07 PM

ඉස්සර ආණ්ඩු කළ වැරදි කරන්න නම් අපි මොකටද මේ රජය පත්කර ගත්තේ.රටේ ජාතින් අතර සමගිය වගේම වැඩි පිරිසක් කරන ඉල්ලීම් වලට ඇහුම්කන් දීමක් සිදුවිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site