පේරාදෙණි සරසවි සිසුන් පිරිසක් මහනුවර දළදා වීදියේ එක් පසෙක අට්ටාලයක් මත පවත්වාගෙන යන සත්‍යග‍්‍රහය මහජන පීඩාවකියි කියමින් එම අට්ටාලය ඉවත් කිරීම සඳහා පොලිසිය කළ ඉල්ලීම මහනුවර මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් ඉවත දැමිණි. සරසවි ඇදුරු වර්ජනයට විසඳුම් දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්නැයි සිසුහු ඉල්ලති. මහජනයාට අවහිරයක් නොවන අයුරින් තනා ඇති මේ අට්ටාලයෙන් මහජන පීඩාවක් වන්නේ කෙසේදැයි මහේස්ත‍්‍රාත් පොලිසියෙන් ඇසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය ඉටුවීමට ප්‍රාර්ථනා කරමි. (නි)
අයියෝ සල්ලි
වෙලාවකට නිදහස් අධ්‍යාපනයේ නිදහස ඕනෑවට වඩා වෑඩි නිසා තමයි නවක වදය වගේ පහත් ක්‍රියා වලට අද සිසු සමාජය පෙලඹිලා ඉන්නෙ. ටිකක් හරි සල්ලි ගෙවලා ඉගෙන ගත්තා නම් ඔහොම කෑගහන්නෙ නැහැ. නිදහස් අධ්‍යාපනය රැකගන්න කියන අය නොකියා කියන්නෙ කෑම්පස් නැවත අරින්න කියලනෙ. කොටින්ම කියනවා නම් අද පාසල් අධ්‍යාපනය සීමා වෙලා තියෙන්නෙ විභාග වලට හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට පමනයි. අනිත් කාරනය, නිදහස් අධ්‍යාපනේ වරමින් දොස්තරලා වෙන හෙදියො වෙන අයට පොඩි අසාධාරණයක් වුණත් අසරණ රෝගින්ව ඇපේට තියාගෙන වර්ජනය කරනවා. ඒවා ඉතාම නින්දිත වෑඩ වගේම එයාලට කිසිම අයිතියක් නැහැ එහෙම කරන්න. (නි)
පුදුම කතාවක් නේ. (නි)
ජයලත් වගේ ආත්මාර්තකාමීන්ට මේවා තේරෙන්නේ නැහැ.(නදී)
අධ්‍යාපනය සුරකින්න උරදුන් සිසුන්ට එම නඩු තීණ්දුව මහත් අස්වැසිල්ලකි (නි)
නුවර වීදි ඉතාම පටුයි. එහෙම වීදි අසළ අට්ටාලයක් තැනූ විට මහජනතාවට බාධා වෙනවා නේද? (නි)
සේනානායකගේ අන්දෙකම ලොකුවට තියෙනවද?(නදී)
මම නම් තීන්දුවට එකඟ නැහැ. මුලින්ම දළදා මාලිගාව ළඟ අට්ටාල ගහගෙන උද්ඝෝෂණය කරන්න දෙන්න හොඳ නැහැ. අනික නුවරට එන්නෙ ගොඩක් විදේශ සංචාරකයො. මෙහෙම හැමෝම හැම තැනම අට්ටාල ගහගෙන විරෝධතා කරන්න පටන් ගත්තොත්? ඇයි මේවා මේ අයට තේරෙන්නේ නැත්තෙ? (නි)
යුද්ධ කාලයට වඩා වේගයෙන් දැන් රට විනාශයට යනවා (නි)
මහේස්ත්‍රත් තුමාට අපගේ උත්තමාචාරය ....
ආණ්ඩුව මෙම ප්‍රශ්නය ගැන දරන ස්ථාවරය හරිම කණගාටුදායකයි (නි)
අනේ පවු. හූ හූ හූ... (නි)
කන්නන්ගර මැතිදුනි, ඔබ කොහිද? (නි)
ටිකෙන් ටික විරෝධය පාන එකත් නවතන්න වගේ උත්සාහ කරන්නේ. (ස)
මේ අට්ටාලය නිදහස් අධ්‍යාපනයේ රජ ගෙදර නිර්මානය කරන්න මිස දේශපාලව භාන්ඩාගාරයට යන පාර තැනීමට නොවෙයි.(නදී)
මේ අට්ටාලය නිදහස් අධ්‍යාපනයේ රජගෙදර නිර්මානය කරන නිසා.(නදී)
ඉස්සර ආණ්ඩු කළ වැරදි කරන්න නම් අපි මොකටද මේ රජය පත්කර ගත්තේ.රටේ ජාතින් අතර සමගිය වගේම වැඩි පිරිසක් කරන ඉල්ලීම් වලට ඇහුම්කන් දීමක් සිදුවිය යුතුයි. (නි)
නියමයි. (නි)
සේනානායක මහත්තයා, එයාගේ ළමයින්ට නිදහස් අධ්‍යාපනේ දෙන්න හැදුවොත් එපා කියලා සල්ලි වලින් උගන්නන්න හිතාගෙන ඇති. ඒත් අපි වගේම, අනිකුත් අම්මලා තාත්තලා ගෙවන බදු වලින් ළමයින්ට තරාතිරමක් නොබලා ඉගෙන ගන්න අවස්තාවක් නොලැබේ නම් එය මොන තරම් ඛේදවාචකයක් ද? සේනානායක මහත්තයා හිතාගෙන ඉන්නේ මේ අය ඉගෙන ගන්නේ නැතිව ආසාවට අට්ටාල ගහගෙන ඉන්නවා කියලා. එයාලත් ආසයි මහත්තයෝ ඉක්මනට උපාධිය අරන් ගෙදර යන්න. ඒත් අද පාරට වැටිලා. ඒ පාරට වැටුනේ ඇයි කියලා හොයලා බලන්න එහෙම හිතෙන්නේ නැද්ද. (නි)
ඇයි එයාලට ස්ථිර තැනක් හදලා දෙන්නෙ නැත්තේ උපවාසයට? (නි)
මහේස්ත්‍රාත්තුමාට මගේ ප්‍රණාමය! ජය වේවා! (නි)
මහේස්ත්රාත් වරයාට මාගේ ප්‍රනාමය.. (ස)
හොඳ තීරණයක්.... .(ස)
ඇත්ත ඇති සැටියෙන් දකිමු. .(ස)
සේනානායක මහත්තයෝ ඔයත් ඔහොම ඉන්න ටික දවසක් යන කොට ඔයාගෙ දරුවන්ටත් ඉස්කෝළ වලින් බැහල යන්න වෙයි ගාස්තු ගෙවා ගන්න බැරිව.(ස)
අනේ පොලිසියේ වැඩ වැඩි කර ගන්න ඔනේ නෑ (අ)
ඔහොම ඉන්න දෙන්න. ටික දවසකින් එපා වුනාම බැහල යයි. .(ස)