මහනුවර ක‍්‍රීඩා සමාජය සහ පොලිස් ක‍්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු කොටසේ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. අද (28)පැවැති අර්ධ අවසන් පූර්ව තරගවලදී මහනුවර පිල ලකුණු 83- 05 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ද, පොලිස් පිල ලකුණු 23- 21 කින් නාවික හමුදා පිල ද, පරාජය කළේය.