මහනුවර දෙයියන්නේවෙල පෞද්ගලික උපකාර පංතියකදී සඳුදා (15) සිසුන් දෙදෙනෙකුට පහර දුන් පැමිණීම් ලකුණු කරන්නකු සොයා පරික්ෂණ අරඹා ඇතැයි මහනුවර පොලිසිය කියයි.
උසස්පෙළ භෞතික විද්‍යා පංතියකදි එහි ඉගැන්විම් කටයුතු පැවැත් වෙන අතර තුර ගුරුවරයාට පංතියේ සිසුවකු එවු තුංඩු කැබැල්ලක් ලැබී ඇති අතර එය අනවශ්‍ය එකක් බව පවසා පැමිණීම් ලකුණු කරන්නාට ලබාදී ඇත.
පැමිණීම් ලකුණු කරන්නා මෙම තුංඩුව එවු බවට සැක කරන මහියංගනය හා උඩුමුල්ල කටුගස්තොට ප්‍රදේශවල සිසුන් දෙදෙනකුට පහර දී ඇති බවත් එක් සිසුවෙකු කටුගස්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවත් පොලිසිය පවසයි.
මෙම උපකාරක පංතියේ කාඩ් ලකුණු කිරීම සඳහා දෙයියන්නවල ප්‍රදේශයේම පදිංචිකරුවන් සේවයේ යොදවා ඇති බවත් ඔවුහු සිසුන් බිය වද්දමින් සිටින බවත් දෙමාපියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුණ්ඩුවේ ලියා තිබුනේ ටික්කාගේ පැටිකිරිය වද්ද ? (ම)
එක අනවශ්‍ය එකක් නම් ඉරල විසි කරන්න එපැයි. අනේ මෙහෙමත් ගුරුවරු. මෙගොල්ලන්ගෙන් ඉගෙන ගන්න අයට විෂය දැනුම ලැබෙයි, එත් සාමාන්‍ය දැනුම නොලැබෙයි. එකට අපේ කාලේ ගුරුවරු. (ස)
ඔය ටික්කන් එදා අපි පන්ති ගිය කාලයේත් ඔහොමයි. දෙහිවල ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ ටියුෂන් පන්තියක ටික්කෙක් අපිත් සමග එම පන්තියේ සිටි සිසුවියකට ලියුම් දෙමින් පුදුම වදයක් දුන්නා. අන්තිමට එතනත් මව්පියන් ඇවිත් ගුරුවරයාට පැමිණිලි කර ජන්ජාලයකින් තමයි නතර වුනේ. (ම)
දෑනගන්න ලෑබුන විදියට ඔය ටියුශන් පන්තිවල ලොක්කො තමාගෙ නිවෙස්වල වට පිටවෙ ඉන්න අය එක්කත් ආරවුල් දාගන්නව කියලත් ආරංචියි. (ස)
ටික්කා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇති බවත් එය වැරදි බවත් ඉතාම පැහැදිලියි. නමුත් පන්තියට ඉගෙන ගන්න ගිය කොල්ලෝ ඉගෙන ගන්න වෙලාවේ පාඩම අහගෙන ඉන්නේ නැතිව එක එකාට අපහාසාත්මක වචන ලියපු තුන්ඩු කැබලි අතින් අතට පාස්කරලා යවන එකත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. දෙමවු පියෝ සල්ලි දීල පන්ති එවන්නේ ඉගෙනගන්න මිසක් තුන්ඩු පාස්කර කර ඉන්න නෙමෙයි. කරපු වැඩේට කොල්ලන්ටත් හොඳ පාඩමක් මේක. ඔය තුන්ඩු පාස් කිරිල්ල නිසා පන්තියේ අනිත් ළමයින්ටත් අවධානයෙන් දේශනා වලට සවන් දෙන්න බැරිවෙලා තියෙනවා. ඕක අද ඊයේ පටන්ගත්තු දෙයක් නෙමෙයි. (ර)