(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
මාර්තු 04 වැනි දා සිට අද (08 වැනිදා) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.
මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, මැණික්හින්න, දිගන සහ අකුරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් සම්බන්ධ වාර්තාව පොලිසිය විසින් අද ප්‍රකාශයට පත් කරන ලදි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළේය.
මාර්තු 05 වැනිදා රාත්‍රී පල්ලේකැලේ පොලිස් වසමේ වෙළෙඳසලක් හා නිවසක් ගිනි තබා ඇතැයි ද එම නිවස තුල තිබී 26 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත්තේයැයි ද, දුම ආඝ්‍රාණය වීමෙන් ඔහු මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පූජාපිටිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කිරීමට යෑමේදී අත්අබෝම්බයක් පිපිරී පුද්ගලයකු මිය ගොස් ඇතැයි ද, අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය මිය ගිය පුද්ගලයා සිටි ස්ථානයේ තිබී සොයා ගත්තේයැයිද ඔහු අවුරුදු 28ක පුද්ගලයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම අවස්ථාවේ තුවාල ලැබූ 11ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
මාර්තු 04 වැනිදා රාත්‍රියේ සිට අද උදෑසන 6.00 දක්වා කාලයේ මහනුවර පොලිස් කොට්ඨාසයේ නිවාස හා වෙළෙඳසල්වලට අලාභ හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වූ බවත්, පූජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිද්ධි 04 වාර්තා වූ බවත්, වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධි 11ක් වාර්තා වූ බවත් පොලිසිය කියයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 71 එක් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. ඒ අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද සිටිති.
එම සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසි මෙසේය.
මහනුවර පොලිසියෙන් 8යි
තෙල්දෙණිය පොලිසියෙන් 30යි
මැණික්හින්න පොලිසියෙන් 07යි
කටුගස්තොට පොලිසියෙන් 06යි
වත්තේගම පොලිසියෙන් 06යි
තලාතුඔය පොලිසියෙන් 13යි
පල්ලේකැලේ පොලිසියෙන් 01යි
නිවාස හා වෙළඳසල්වලට හානි කිරීමේ සිද්ධි පොලිස් වසම් අනුව මෙසේය.
රංගලින් 02යි
කඩුගන්නාවෙන් 05යි
මැණික්හින්නෙන් 01යි
පල්ලේකැලෙන් 16යි
තෙල්දෙණියෙන් 18යි
වත්තේගමින් 02යි
මහනුවරින් 1යි
පුජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිදුවීම්.
කටුගස්තොටින් 03යි
පුජාපිටියෙන් 01යි
වාහනවලට අලාභ හානි කිරීමේ සිදුවීම්
රංගලින් 03යි
මැණික්හින්නෙන් 01යි
පල්ලේකැළෙන් 05යි
තෙල්දෙණියෙන් 02යි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල ඇති ප්‍රදේශවල සැරිසරන අයගේ හදුනාගැනීම්පත් පරීක්ෂා කරනවානම් හොඳයි. කලබල ඇති කරන්නේ පිට නගර වලින් ආපු අයයි. මෙහි පිටුපස එක්තරා සංවිධානයක් අනුබල දෙන බව මට නම් පැහැදිලියි.
අනිත් රටවල් වල මිනිස්සුන්ට වඩා අපේ අපේ රටේ මිනිස්සු වෙනස්. උපත් පාලන තිසර පට උපත් පාලන යට ඇදුම් ටොපි, කොත්තු ....... අපේ එවුන් අලුත් උපත් පාලන ක්‍රම හොයාගෙන රටක් වශයෙන් දීයුණු වෙනකොට කාටද ආඩම්බර?
මුස්ලිම් වරුන්ගේ වැරැද්ද හිතාමතා සිංහල ජාතියට වඩා වර්ගයා බෝකිරීමයි . මෙයට පල්ලියේ සහ අරාබි ලෝකයේ සහය ලැබෙන බව පෙනේ ලංකාව මුස්ලිම් කිරීම කෙසේවෙතත් අනාගතයේ මීට වඩා විශාල වශයෙන් ලේ වැගිරීම් සිදුවීමට ඉඩ තිබේ
මේ ප්‍රහාරයන් තුලින් නැවත බලය අල්ලා ගැනීමේ උත්සාහයක් ගන්නා ලද බවක් කියැවෙයි. එලෙස ක්‍රියාත්මකවූ කණ්ඩායම කවුරුන්ද කියා දන්නා කෙනෙක් වහාම හෙළිදරව් නොකලොත් වෙන්නේ ඒකතා සියල්ල අන්ඩර දෙමල බවට පත්වී කලබල මෙහෙයවූවන් ගේ අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ වීමයි.
මේ විනාශය කරපු අය දැන් අත් අඩංගුවට අරගෙන ඉන්න නිසා, මේ විනාශය කරපු දේවල් හදන්න යන වියදම මේ විනාශය කරපු අයගෙන්ම අරගන්න ඕන. ආණ්ඩුව මේවට වියදම් කරනවා කියල කියන්නේ, නැවත මේවා අපි කන බත් එකෙන්, පාන් ගෙඩියෙන්, අනෙක් කෑම වලින් අරගන්නවා කියන එක.
මේ සියලුම සිදුවීම් මෙච්චර දුරදිග ගියේ රජයේ තියෙන නොහැකියාව සහා රජය තමන්ගේ යටි අරමුණු ශාක්සාත් කරගැනීමට ලක් ජනතාව බිල්ලට තියන්න උනත් සූදානං නිසා. මෙහි වගකීම රජය සම්පුර්නයෙනම බාරගතයුතුයි.
රන්ජන් රාමනායකගෙ FB එකෙ තියෙනවා නැවත මිනිස්සුන්ව කුපිත කරවන වීඩියො දාල,ඒවත් වාරනය කරන්න, මම කොහෙත්ම ජාති වාදයට කැමති නැති කෙනෙක්, ඇමතිට වගේම පොඩි මිනිහටත් නීතිය එක වෙන්න ඔනා,අපිට ඔනා ඒකීය ශ්‍රි ලංකාවක්.ඒ වගේම නීතිය කාටත් පොදු කරන්න.
මේක සිද්ධ වූනේ, සිංහල ජනයා ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිකම හා මුස්ලිම් ජනයා ආණ්ඩුව ගැන තිබුන අධි විශ්වාසය .
මේවා මෙතරම් දුර දිග ගියේ පොලිසියේ වරදින්. හැම දේටම දේශපාලනය ගාව ගෙන නීතිය ක්‍රියාත්මක නොකොට ඉන්නකොට මෙහෙම දේවල් බලාපොරොත්තු වෙන්ඩ ඕනේ. කොන්ද පනතියෙන නායකත්වයක් නැති කොට, රටට පෙර තමන්ගේ බඩ, සාක්කු, තත්ත්වය, පක්ෂය ගැන හිතන දේශපාලුවෝ සහ නිලධාරීන් රජ කරනකොට මීට වඩා දෙයක් උනත් පුදුම වෙන්ඩ ඕනේ නෑ.
මහජනතාව ඇත්ත දැනගන්න ඕන. භයානක යුද්ධේදී පවා මිනිස්සු සත්‍යය හරි හැටි දැක්කා යුද්ධය දිනන්න පහසු උනා. කිසිවක් වසන් කිරීම සුදුසු නැත. යහපාලනයට ඒ අත්දැකීම නැති බව පෙනේ.
ප්‍රශ්න දුර දිග යන්න හොද නැහැ .ඒ තත්ත්වය රටට හොද නැහැ.රට වෙනස් කරන්න කලින් මිනිසුන්ගේ ඔලු ගෙඩි හොද කරන්න ඕන.