තරිඳු ජයවර්ධන
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහයෙන් පසු මාර්තු හතර වැනිදා රාත්‍රී සිට අද (09) උදෑසන හය දක්වා කාලයේ දී මහනුවර පොලිසිවලින් 146 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඒ අතුරින් 65 දෙනකු අද උදෑසන 6න් අවසන් වූ විසි හතර පැයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසි සහ අත්අඩංගුවට ගත් සංඛ්‍යාවන් මෙසේය.
මහනුවර පොලිසියෙන් 06යි
තෙල්දෙනිය පොලිසියෙන් 06යි
කටුගස්තොට පොලිසියෙන් 11යි
වත්තේගම පොලිසියෙන් 7යි
පල්ලේකැලේ පොලිසියෙන් 04යි
හසලක පොලිසියෙන් 03යි
කඩුගන්නාව පොලිසියෙන් 03යි
හතරලියද්ද පොලිසියෙන් 07යි
අලවතුගොඩ පොලිසියෙන් 18යි
මේ අතර පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 10 දෙනා අතර පූජ්‍ය පක්ෂයේ අයකු ද සිටින බව පොලිසිය කියයි. එම දස දෙනාගෙන් දෙදෙනකු දිගන ප්‍රදේශයේ බවත්, තිදෙනකු හලාවත බවත්, ඉතිරි පිරිස තෙල්දෙණිය, යක්කල, බලංගොඩ, දඹුල්ල සහ කුරුණෑගල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටසිය පහළොවේ කැරැල්ල සිහියට නැගේ
තව ඇති සොයන්න අල්ලා ගත් අයගේ තරාතිරම නොබලා උපරිම දඩුවම් දියයුතුයි .... පසුකර භයානක කුරිරු වසර 30 ට අපි සාපකරණ නිසා